යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත ‘කක්කුට්ටන්ගේ වැඩක්‘
වර්තමානයේ බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ටතම කාර්යභාරයක් ලෙස නම් කරමින් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතින බවට පුවත්පත් ලිපියක දුටිමි. අනාගත පරපුර වෙනුවෙන් ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා ආරක්ෂා කොට තැබීම සඳහා නෛතික රැකවරණය සැලසීමත් ත්‍රිපිටක මූලාශ්‍ර වෙනස් කිරීමට නොදී ආරක්ෂා කොට තැබීමත් එහි මූලික අරමුණු ලෙස පෙන්වා ඇත. මෙම ක්‍රියාව අතීතය හා සම කරමින් එකල …
Continue Reading
ලිට්‍රෝ ගෑස් ‘රජයේ විගණනයට’ යටතට
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය. කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම උපදෙස් ලබා දුන්නේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ (කෝප් ) කමිටුව අද ( 07 ) පාර්ලිමේන්තුවේදී රැස් …
Continue Reading
Sri Lankan Air line පාඩුව රු. කෝටි 37,000ක් !
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා,එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නේය. එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යාංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස කාරක සභාව ,සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාට …
Continue Reading
තිත්ත ඇත්ත: දෑවැද්ද පිටුපස ඇති ‘බිහිසුණු කතාවක්’
කන්දක් උඩ පුංචි පැල්පතක් හදාගෙන ලුණුයි බතුයි කාලා ආදරයෙන් ජීවත් වෙන්න තමයි පෙම්වතුන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ. එහෙම හිතන පතන අයට වටින්නේ පෙම්වතියගේ ආදරය පමණයි ! ඒත් සැබෑ ලෝකයේ ආදරය කියන තරම් සුන්දර හෝ සරල නැති බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ආදරය විවාහයකට පරිවර්තනය කර ගැනීම හිතන පතන තරම් පහසු නැහැ. අපි මේ කියන්න යන්නේ අපට ඒ තරම් අදාළ …
Continue Reading
කාබනික ගොවිතැනේ ‘වර්ණනා කරන තරම්‘ ප්‍රතිලාභ තිබෙනවාද ? – ඇත්තම කතාව දැන ගනිමු !
අස්වැන්න අඩු නිසා මිල ඉහළ යනවා පිළිකා අවදානම අඩුකරන කතාව බොරුවක් පරිසරයට ලොකු ප්‍රතිලාභයක් නෑ අද ලෝකයට කන්න දෙන්න තවත් 30%ක වගාබිම් ඕනෑ ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරන, විවේචනය කරන සහ නිවැරදි අවබෝධයක් නැති කාබනික ගොවිතැන යනු කුමක්ද ? කාබනික ගොවිතැන අනුගමනය කරන පිරිවිතර හා ප්‍රමිතීන් මොනවාද ? කාබනික ගොවිතැනේ වාසි සහ අවාසි මොනවාද ? යන්න ගැන අපි නිවැරදිව සොයා බලමු. කාබනික …
Continue Reading
ගර්භණී කාන්තාවන් ‘මාළු ආහාරයට ගැනීම‘ ගැන අලුත්ම හෙළිදරව්ව !
මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්‍රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ ඒ පිළිබදව ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ පර්යේෂණ පදනම් කරගත් විශේෂඥ වාර්තාවකි. අපට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකක් ලෙස මාළුවලට අභියෝගයකින් තොර කීර්තියක් ඇත. නමුත් ශාක පදනම් කරගත් …
Continue Reading
අධි-සැකසූ ආහාරවලට මෙතරම් ලොල් ඇයි?
මිනිස් වර්ගයා ගින්දර සහ කුළුබඩු වර්ග සොයාගනු ලැබීමෙන් අනතුරුව යළි අතීතය දෙසට බැල්මක් හෙලා නැත. මිනිසුන් වන අප විසින් දිගටම අවධානය යොමු කරන්නේ ආහාර ද්‍රව්‍ය වෙන්කරනු ලැබීම සහ ඒවා නැවත එකට සම්මිශ්‍රණය කිරීමේ අලුත් මාදිලි පිළිබඳවය. ආහාර සම්මිශ්‍රණය සහ අලුත් රසයන් මැවීම අතින් මිනිසා ලබා ඇති ආහාරමය අත්දැකීම් සම්භාරය ඇදහිය නොහැකිතරම් නිර්මාණශීලී වූවකි. එසේවී නමුත් අප අනුභවකරන ආහාර විශේෂයෙන්ම විශේෂ …
Continue Reading
කොවිඩ් වසංගතය හමුවේ ‘ළමුන්ගේ මානසික සෞඛ්‍ය‘ ආරක්ෂා කර ගන්නේ කෙසේ ද ?
කොවිඩ්-19 වසංගතයේ බොහෝ විනාශයන් අතර එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම ඉහළම මට්ටමක පවතී. ලංකාවේ සෞඛ්‍ය හා දේශපාලන අංශ මේ ගැන වැඩි අවධානයක් යොමුකර නැතත් ලෝකයේ බොහෝ රටවල කොවිඩ් වසංගතය ළමුන්ගේ මානසිකත්වය කෙරෙහි සිදුකර ඇති බලපෑම ගැන දැඩි අවධානයක් යොමුකර ඇත. මේ කොවිඩ් -19 වසංගතය හමුවේ ළමුන්ගේ මානසික සෞඛ්‍ය ලෝ ප්‍රකට ‘ෆෙමින‘ සගරාව කළ විශේෂ අනාවරණයකි. මෙම බිහිසුණු වසංගතය මධ්‍යයේ …
Continue Reading
චීනයේ ඊනියා සමාජවාදයේ සළුපිළි ගළවන ‘සුපිරි ධනපතීන්ගේ පුරාජේරු කතා
එක් පුද්ගලයෙකුගේ ආහාර සඳහා දිනකට යුවාන් 650ක් (ඩොලර් 101ක්) ප්‍රමාණවත් වේද? තමන්ට නම් එම මුදල ප්‍රමාණවත් නොවන බව සූ මාං පැවසුවාය. ඇය මේ බව පැවසුවේ චීනයේ රුපවාහිනී රියැලිටි වැඩසටහනක දීය. සූ මාං චීනයේ Harper’s Bazaar China සඟරාවේ හිටපු ප්‍රධාන කතුවරියයි. ඇය කළ ප්‍රකාශයට චීන සමාජ මාධ්‍ය ඔස්සේ කෝපය පළවී තිබුණි. “අපිට හොඳට කන්න ඕන. මට නම් බැහැ ඒ තරම් පහළ …
Continue Reading
පරිසර හිතකාමී ලෙස ආහාර බෝග නිෂ්පාදන‘ඇසුරුම්කරණයේ‘ වැදගත්කම
මෙරට ගොවිබිම් ඇසුරෙන් නෙළාගන්නා ආහාර බෝග අස්වනු ප්‍රමාණයෙන් අති විශාල ප්‍රතිශතයක් පරිභෝජනයට පෙරාතුව අපතේයාම සිදුවන බව විවිධ මාධ්‍ය ඔස්සේ වසර පුරාම අපට අසන්නට හා දකින්නට ලැබේ. ක්ෂේත්‍රයේදී වන සතුන්ගෙන් සිදුවන හානියට පරිබාහිරව මෙලෙස ආහාර බෝග නාස්තිය සිදුවන්නේ අස්වනු නෙළා ගැනීම, එක්රැස් කිරීම, ගබඩාකිරීම, හැසිරවීම, බෙදා හැරීම, අලෙවියට තැබීමේ ස්වරූපය හා පරිභෝජන කිරීමට සැකසීම යන අවස්ථාවන්හිදීය. මෙලෙසින් සිදුවන අපතේයාම අවම කර …
Continue Reading