‘සපුගස්කන්ද තෙල් පිරිපහදුවටත්’ කණකොකා හඬලයිද ?

නොවැම්බර් 15 වැනිදා සිට දින 50 කට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට රජය ගත් තීරණයත් සමග එහි අනාගතය සම්බන්ධයන් මේවන විට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇත. වෘත්තීය සමිති චෝදනා කරන්නේ මෙය, පිරිපහදුව විකුණා දැමීමේ මුලික පියවරක් බවටයි. මේ පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට විපක්ෂය හා වෘත්තීය සමිති චෝදනා කරයි. පිරිපහදුව වසා දැමීමත් සමග දිවයිනපුරා ඉන්ධන පිරවුම් හල්වල දිගු පොලීම් දක්නට ලැබුණු අතර …

Continue Reading

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ අක්කරයක් රු. 500යි !

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සේවකයන් 214ක් ස්ථිර කරලා වසර 50ක් තුළ අත්පත් කරගත් සහ බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල ගැටලුවක් පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයිද හෙළිවෙයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කොට …

Continue Reading

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා – දූෂණ ගැන COPE හෙළිදරව්වක්

අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන්න – කෝප් කමිටු සභාපතිවරයා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට  සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දෙයි. යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කිරීම සම්බන්ධයෙන් කෝප්  කමිටුවේදී අනාවරණයක් ආයතන අතර සහයෝගිතාව රාජ්‍යයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රමුඛ සාධකයක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ? – චම්පිකගේ විශේෂ විග්‍රහය

2022 අය වැය – පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම ඉබ්බාට පියාසර කිරීමත් රාජපක්ෂලාට රාජ්ය පාලනයත් කළ නොහැක. ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුද ගණනාවක හිණිපත්තේ සිටිනා බව නොරහසකි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ගත් ණය ඇයට ගෙවිය නොහැකි වනු ඇතැයි වැදගත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැනටමත් පුරෝකථනය කර ඇත. රටේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන සෘණ 3.6 කි. ආර්ථික කළමණාකරණයේ මර්මස්ථානයක් …

Continue Reading

දඹුල්ලට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වෙලා

රට වටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  අද (11) දින එළළුළු ලැබීම 90%කට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය කියයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා උදෑසන හතර සිට දහවල් වන තුරු ම දැඩි තදබදයක් පැවතිය ද මෙදින ආර්ථික  මධ්‍යස්ථානය යම් පාළු ස්වභාවයක් ගෙන තිබිණි. කන්ද  උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු බොහොමයක් ආර්ථික මධ්‍යස්ථානයට  නොලැබී  ඇති …

Continue Reading

කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන විශේෂ හෙළිදරව්වක්

කිරි වැරීමේ හෝ ළදරු ආහාර ලෙස අලෙවි කරන සමහර කෙටි ආහාර වල භයානක සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර කුඩා දරුවන් එම ආහාරවල සීනිවලට ඇබ්බැහි විය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හෙළිකර ඇත. මෙම පර්යේෂණය සිදුකළ Action on Sugar එක්සත් රාජධානියේ වෙළඳසැල්වල විකිණීමට ඇති ළදරු සහ කුඩා දරුවන්ගේ නිෂ්පාදන 73ක් විශ්ලේෂණය කළේය. උදාහරණයක් ලෙස, Heinz Farley’s Mini Rusks Original හි එක් වේලකට සෑහෙන …

Continue Reading

“ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණු

On arrival PCR නවත්තපු, ජංගම රසායනාගාර සහ නියැදි පරීක්ෂණ නවත්‍තපු අය ඉදිරි රැල්ලට වග කියන්න ඕනේ කොයි එන්නත ගැහුවත් සදාකාලික නෑ, ෆයිසර් ගැන කරපු පර්යේෂණයකින්, චීන එක හොදයි කියන්න හදනවා කෝටි 11ක බාල ඖෂධ. වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා   “ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණුවැඩි ගානට, බාල වර්ගයේ PCR ප්‍රතික්‍රීයක මිලට ගන්න තාක්ෂණික කමිටු …

Continue Reading

එළවළු මිල ඉහළ යන හේතු හෙළිවෙයි

වෙනත් දිනවලදී  එළවළු කිලෝ  ලක්ෂ 20ත් 25ත් අතර ලැබෙන බවත් එහෙත් අද (7 දින) සහ මේ  දිනවල දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හතත්  අටත් අතර ප්‍රමාණයක් ලැබීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳ සංගමයේ  සභාපති යු. බී. ඒකනායක මහතා 07 දින පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පසුගිය දිනක කිහිපයේම සිට දිනෙන් දින ඉහල යමින් පවතින බවත් පොහොර කෘමිනාශක,  හිගයට …

Continue Reading

ප්‍රධාන එන්නත් තුනක් ගැන චන්න ජයසමුන කළ හෙළිදරව්ව

ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව (ඵලදායිත්වය) සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් කර ඇති පරීක්ෂණයකදී තහවුරුවී  ඇතැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් හෙළිකර ඇත. ‘ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්  ලබාගත් පුද්ගලයන් ලක්ෂ අටකට වැඩි පිරිසක්  යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී පසුගිය  මාර්තු …

Continue Reading

‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’

ගලේවෙල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත  ග්‍රාම සේවා  වසමේ පිහිටා ඇති වළගම්බා  රජු දවසේ සිට පැවත එන බව කියන කැති  ගාන ගල සහ වන  සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක්  පිරිසක්  විනාශ කිරීමේ උත්සාහයක නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ප්‍රදේශය සිංහල සහ මුස්ලිම් ජාතික වර්ග දෙකම ජීවත් වන ප්‍රදේශයක් බවත් මුස්ලිම් ජනතාව මෙන්ම  සිංහල ජනතාව ද මෙම ඓතිහාසික බෞද්ධ නටඹුන් …

Continue Reading