‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’

Spread the love

ගලේවෙල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත  ග්‍රාම සේවා  වසමේ පිහිටා ඇති වළගම්බා  රජු දවසේ සිට පැවත එන බව කියන කැති  ගාන ගල සහ වන  සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක්  පිරිසක්  විනාශ කිරීමේ උත්සාහයක නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම ප්‍රදේශය සිංහල සහ මුස්ලිම් ජාතික වර්ග දෙකම ජීවත් වන ප්‍රදේශයක් බවත් මුස්ලිම් ජනතාව මෙන්ම  සිංහල ජනතාව ද මෙම ඓතිහාසික බෞද්ධ නටඹුන් සහ රක්ෂිතය කාලයක් තිස්සේ ආරක්ෂා කර ගෙන එන බව ඔවුහු පවසති.

එවැනි පරිසරයක පසුගිය 28 දින පස්වරුවේ  දිවයිනේ නමගිය  කොන්ත්‍රාත් සමාගමක යන්ත්‍ර සූත්‍ර යොදාගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම කැති ගාන ගල ආසන්නයේ මහා පරිසර විනාශයක් කරන  බවට ප්‍රදේශවාසීන්ට  ලැබුණු තොරතුරක් මත ඔවුහු එම ස්ථානයට ගොස් තිබේ.

පසුව ඔවුන් තම ජංගම දුරකථන වලින් මෙම ස්ථානයට ගෙනවිත් තිබූ යන්ත්‍ර උපකරණ සහ පැමිණි වාහන නිලධාරීන් පටිගත කරගෙන ඔවුන් සමග කෑකෝ ගසමින් මෙම පරිසර විනාශය සිදු කිරීමට මෙන්ම බෞද්ධ නටඹුන් සහිත කැති ගාන ගල ගල්කොරිවලට කිසිදු ආකාරයකින් ලබා නොදෙන බව පැවසූහ.

පසුව ප්‍රදේශ්වාසීන් විසින් අදාළ ග්‍රාම නිලධාරි වරිය මෙන්ම ගලේවෙල වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කළ බව ද ගම්මුන් පවසති.

ග්‍රාම නිලධාරි වරිය මෙන්ම වන සංරක්ෂණ නිලධාරීන් පැමිණ මෙම රක්ෂිතය ඩෝසර් කරමින් සිටී රියදුරු සහ  ඩෝසර් රථය ඔවුන් භාරයට ගෙන තිබිණි.

පසුව  ප්‍රදේශවාසීන් කියා සිටියේ විසින් 29 දින පස්වරුවේ ද තවත් කණ්ඩායමක් ඉඩමක් මනින මුවාවෙන් එම ස්ථානයට පැමිණ නැවත වරක් එතට ඇතුළු වන බවය. ඒ අනුව ප්‍රදේශවාසීන් ජනමාධ්‍යවේදීන්ට ද මේ බව දැනුවත් කරමින් එම ස්ථානයට ගොස් ඩෝසර් රථවලින් රක්ෂිතයට සිදුකර ඇති විනාශය පෙන්වන්නට වූහ.

තම ගම් ගම්මානයේ  ජනතාව මුස්ලිම් ජාතිකයන් වුවද වළගම්බා රජු දවසේ සිට පැවත එන ඉපැරණි නටඹුන් සහිත මෙම කැති ගාන ගල ඉතා සූක්ෂම ලෙස ගල් කොරියකට ලබා  ගැනීමට  සැලසුමක් පවතින බවත් එම සැලසුම දියත් කර ගැනීම් සඳහා රජයේ රක්ෂිතය මේ ආකාරයෙන් විනාශ කිරීම් සිදුකරන බව ඔවුහු චෝදනා කරන්නට විය.

කිසිදු ආකාරයකින් මෙම වන විනාශසයට හෝ  පෞරාණික  ගලට හානි වීමට ඉඩ ලබා නොදෙන බවද  මුස්ලිම් සහ සිංහල ජනතාව අප සමග පැවසූහ.

අප එම් ස්ථානයට යන විට මිනින්දෝරුවරුන්   බව පවසන පිරිසක් සහ මෙම ඉඩම බදු  පදනම මත ලබාගත් බව කියන පිරිසක් එහි සිටියහ. මෙම ගල ආසන්නයේ රක්ෂිතය ආසන්නයේ ඇති ඉඩම යම්කිසි කට කටයුත්තක් සඳහා අයිති අයිතිකරුවන්ගෙන්  ලබා ගෙන ඇති බව ය.ඒ අනුව ඉඩම මිනුම් කර ගැනීම සඳහා මායිමක් සෙවීමට යන්ත්‍රසූත්‍ර දමා මේ ආකාරයෙන් කැලෑව හෙළි පෙහෙළි කළ බව ඔවුහු පැවසූහ.

කෙසේ වෙතත් ගම්මුන් දැඩි ලෙස කියා සිටියේ එවැන්නක් මේ ස්ථානයේ සිදුවී නැති බවය. මෙම රක්ෂිතයේ මායිම් ඉඩම ආසන්නයේ ගලක පෙර මිනින්දෝරුවන් විසින් සලකුණු කොට ඇති ඇයි ගම්මු පෙන්වා  දෙන්න ද විය.

කෙසේ වෙතත් ඊට යාබද ඉඩමේ අයිතිකරු බව කියන අයෙකු ද එම ස්ථානයට පැමිණ කියා සිටියේ තමා ගෙන් ද කිසිදු අවසරයක් හෝ දැනුම්  දීමකින් තොරව මෙම පිරිස තමන්ගේ ඉඩම ඉළින් පිහිටි කොටස යන්ත්‍රසූත්‍ර දමා විනාශ කොට ඇති බව ය. එසේ විනාශ කර ඇත්තේ කුමක් අරමුණු කරගෙනද යන්න තමන් ද  නොදන්නා බව ඒ මහතා සඳහන් කළේය.

එවිට මෙම ඉඩම මැනුම් කටයුතු සඳහා බව පවසමින් පැමිණ සිටි පිරිස කියා සිටියේ එම ඉඩම් හිමියා තමන්ගේ ඥාතියෙකු නිසා එවැන්නක් අවසරයක්  ලබා නොගත් බවය.

කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ බව පැවසූ නිලධාරියාගෙන් ද අප විමසීමක් කිරීමේ දී කියා සිටියේ පෙර දිනයේ ගම්මුන්ගෙන් ලද තොර තොරතුර මත පරික්ෂා කොට පෞද්ගලික ආයතනයකට අයත්  රථයක් තමන් භාරයට ගත් බවය. කෙසේ වෙතත් ඉඩම මැන රජයේ කොටස් වේනම් රක්ෂිතයට හානි සිදුකර ඇත්නම් වහාම එම පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts