ඉන්දීය පාර්ලිමේන්තුවේ මෝසම් සැසිවාරය ඵලදායී සැසිවාරයක් බවට පත් කරන්නා ලෙස ඉන්දීය අගමැති මෝදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය ඵලදායි පුළුල් සැසිවාරයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති මෝදි කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ විවෘත මනසකින් සංවාදයක් පැවැත්විය යුතු බවත්, අවශ්‍ය නම් විවාද වුවද පැවැත්විය යුතු බවත්ය. මෙම සැසිවාරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ගැඹුරින් කල්පනා කර ගැටලු සාකච්ඡා කරන ලෙස ඔහු …

Continue Reading

ජාතික ආරක්ෂාව තවදුරටත් දේශසීමා වලට සීමා නොවන බව ඉන්දීය අගමැති මෝදි පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසූයේ ජාතික ආරක්‍ෂාව තවදුරටත් දේශසීමාවලට පමණක් සීමා වී නැති බවයි.එමෙන්ම එය තවදුරටත් පුළුල්ව ඇති බව ඔහු පැවසීය. ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජනය පුළුල් වීම තුල එයට මුහුණ දීම සඳහා යුධ උපක්‍රම ද වෙනස් විය යුතු බවද ඔහු පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නාවික නවෝත්පාදන සහ දේශීයකරණ සංවිධානයේ ‘ස්වාව්ලම්බන්’ සම්මන්ත්‍රණය අමතමිනි. මෙම අවස්ථාවට ඉන්දීය ආරක්‍ෂක …

Continue Reading

ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්වීමට සූදානම්: ඉන්දීය සංචිත බැංකුව

ගෝලීය ආර්ථික පීඩනය හමුවේ ආර්ථික උද්ධමනය උච්චතම අවස්ථාවට පැමිණීමත් සමඟ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඉන්දීය සංචිත බැංකුව සෙනසුරාදා ප්‍රකාශ කළේය. ඉන්දීය සංචිත බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නව ග්‍රාමීය ඉල්ලුම ඉක්මනින් නාගරික වියදම් සමඟ ග්‍රහණය කර ප්‍රකෘතිමත් වීම තහවුරු කරනු ඇතැයි අපේක්ෂාව කරන බවයි. භූ දේශපාලන බලපෑමේ ආර්ථික ප්‍රතිවිපාක ප්‍රකෘතිමත් වීමේ වේගය අඩු …

Continue Reading

ඉන්දියාව කොවිඩ් එන්නත් මාත්‍රා ලබා දීම කෝටි 200 සීමාව පසුකරයි.

ඉන්දියාවේ එන්නත් ප්‍රවාහය පරිමාණයෙන් හා වේගයෙන් අසමසම බවට පත් කිරීමට දායක වූ වන් අගයමින් ඉන්දීය එන්නත් මාත්‍රා ලබා දීම කෝටි 200 ඉක්මවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ට සුබපැතුම් පළ කළේය. මේ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසූයේ ඉන්දියාවේ එන්නත් කිරීමේ මෙහෙයුම කෝටි 200 ක විශේෂ අගය පසු කිරීම මගින් ඉන්දියාව කොවිඩ්-19 ට එරෙහි ගෝලීය සටන …

Continue Reading

ටයිම් සඟරාවේ 2022 වසරේ ලොව ශ්‍රේෂ්ඨතම ස්ථාන ලැයිස්තුවට කේරළය සහ අහමදාබාද් නගරය ඇතුළත් කරයි.

ටයිම් සඟරාව 2022 වසරේ ලොව ශ්‍රේෂ්ඨතම ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින්,නැරඹිය යුතු විස්මිත ස්ථාන 50 අතරට කේරළය සහ අහමදාබාද් ඇතුළත් කර ඇත. මේවා ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක ස්ථාන දෙකක් වේ.ලොව පුරා සෑම දිනකම නරඹන්නන් ලක්ෂ ගණනක් මෙම ස්ථාන නැරඹීමට පැමිණේ. එම සඟරාව කේරළය “දෙවියන්ගේම රට” ලෙස හැඳින්වූ අතර අහමදාබාද් නගරය “ඉහළ ඉගෙනීමේ” මධ්‍යස්ථානයක් ලෙස විස්තර කළේය. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් …

Continue Reading

10 වැනි මානව හිමිකම් කතිකාවේදී ඉන්දියාව සහ යුරෝපා සංගමය වැඩි මැදිහත්වීමක් අවශ්‍ය බව යළිත් අවධාරණය කරයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 10 වැනි ඉන්දියා-යුරෝපා සංගමය මානව හිමිකම් සංවාදය අද දින පැවැත්විණ.එහිදී යුරෝපා සංගමය සහ ඉන්දියාව සියලු මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ ඉදිරියට ගෙන යාමට කැපවීම යළිත් තහවුරු කළහ. 10 වැනි ඉන්දියා-යුරෝපා සංගමය මානව හිමිකම් සංවාදය පිළිබඳ නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයට අනුව මානව හිමිකම්වල විශ්වීයභාවය,අන්තර් රැඳියාව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහය සහ සමාජ අතර බෙදීම් නොමැතිකම යන කරුණු අවධාරණය කරණ …

Continue Reading

ඉන්දියාවේ සමස්ත වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන ජුනි මාසයේදී 23% කින් වර්ධනය වේ.

ඉන්දියාවේ මුළු අපනයන (වෙළඳ භාණ්ඩ සහ සේවා ඒකාබද්ධව) 2022 ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 64.91 දක්වා ළඟා වී ඇති බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව පෙනී යයි. එය 2021 එම මාසයට වඩා 22.95% ක වර්ධනයක් නියෝජනය කරයි. මූල්‍ය වර්ෂ 2022-2023 අප්‍රේල් සිට ජූනි 2022 දක්වා පළමු කාර්තුවේදී, වෙළඳ භාණ්ඩ සහ සේවා මුළු …

Continue Reading

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි, සභාග පරාජයෙන් පසු ඉල්ලා අස්වී වෙයි.

බ්‍රහස්පතින්දා ඉතාලිය දේශපාලන කැලඹීමකට ඇද වැටුනේ අගමැති මාරියෝ ඩ්‍රාගි සිය ජාතික සමගි ආණ්ඩුවේ භේදයකින් පසු ඉල්ලා අස්වීමට ඉදිරිපත් වීමත් සමඟය. තීරනාත්මක පාර්ලිමේන්තු ඡන්දයකදී ජනප්‍රිය තරු පහේ ව්‍යාපාරය තම රජයට සහය දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තමාට තවදුරටත් ඉදිරියට යාමට කොන්දේසි නොමැති බව හිටපු යුරෝපීය මහ බැංකු සභාපති පැවසීය. ඔහුගේ ඉල්ලා අස්වීම ඉතාලියේ ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා විසින් ඉක්මනින් ප්‍රතික්ෂේප කරන ලද අතර, …

Continue Reading

1 වන I2U2 සමුළුව ආහාර සුරක්ෂිතතා අර්බුදය, පිරිසිදු බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරයි.

I2U2 සමාරම්භක නායක රැස්වීම බ්‍රහස්පතින්දා ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට පැවැත්විණ. මෙහිදී ආහාර සුරක්ෂිතතා අර්බුදය සහ පිරිසිදු බලශක්තිය පිළිබඳව අවධානය යොමු කෙරිණ. විවිධාංගීකරණය වූ ආහාර නිෂ්පාදනය සහතික කිරීම සඳහා නව්‍ය ක්‍රම සහ ගෝලීය ආහාර බෙදා හැරීම වඩා හොඳින් කළමනාකරණය කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ බව නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය පවසයි. I2U2 සමාරම්භක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එක්සත් ජනපද …

Continue Reading

ශ‍්‍රී ලංකා අර්බුදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයන් ඔස්සේ විසඳුමක් ලබා ගැනීමට හැකි වෙතැයි ඉන්දියාව අපේක්ෂා කරයි.

අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ඇති වන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ඉන්දියාව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසූයේ ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සබඳතා ඓතිහාසික හා විස්තීර්ණ වන අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිටින බවයි.ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් රජයට සහ නායකත්වයට සම්බන්ධ තත්ත්වයට ඉක්මන් විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා යැයි …

Continue Reading