ඉන්දියාවේ එන්නත් ප්‍රවාහය පරිමාණයෙන් හා වේගයෙන් අසමසම බවට පත් කිරීමට දායක වූ වන් අගයමින් ඉන්දීය එන්නත් මාත්‍රා ලබා දීම කෝටි 200 ඉක්මවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ට සුබපැතුම් පළ කළේය.

මේ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසූයේ ඉන්දියාවේ එන්නත් කිරීමේ මෙහෙයුම කෝටි 200 ක විශේෂ අගය පසු කිරීම මගින් ඉන්දියාව කොවිඩ්-19 ට එරෙහි ගෝලීය සටන ශක්තිමත් කර ඇති බවයි.සියලුම සුදුසුකම් ලත් ජනගහනය සඳහා පූර්වාරක්ෂාව මාත්‍රා 5,63,67,888 ක් ද ඉන්දියාව මේ වන විට ලබා දී ඇත.

ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ තාවකාලික වාර්තාවලට අනුව ඉරිදා පස්වරු 1 දක්වා රට පුරා මුළු මාත්‍රා 2,00,00,15,631 ක් ලබා දී ඇත. “මෙය සැසි 2,63,26,111 ක් හරහා සාක්ෂාත් කර ගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය පැවසූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනි දින එක් දිනක් තුළ එන්නත් කෝටි 2.5 ක් එන්නත් ලබා දී ඇත. එය මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ ඉහළම වාර්තා ගත අගයයි.ඉන්දියාවට එන්නත් මාත්‍ර කෝටි 100 ක සන්ධිස්ථානයට පැමිණීමට දින 277 ක් ගත විය.

ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට අනුව, වැඩිහිටි ජනගහනයෙන් සියයට 90 ක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇත. එක් මාත්‍රාවක් ලබාගෙන ඇති වැඩිහිටි ජනගහනය සියයට 98 ක් අවම වේ.

තවද මෙම සතිය මුලදී, දින 75 ක එන්නත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.ඉන්දියාව අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් එන්නතෙහි පූර්වාරක්ෂාකාරී මාත්‍රාවන් නොමිලේ ලබා දීම ද ආරම්භ කර ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්