ආණ්ඩුව කරන ‘දේශපාලන සූදුවට’ ඉඩ දෙන්න එපා – බිමල් රත්නායක ජනතාවගෙන් ඉල්ලයි

“තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ වෙන්නේ ජී.එස්.පී.ප්ලස් නැතිවෙලා ලංකාව මේ තියෙන තැනෙනුත් පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට අනතුරු අඟවන්නේ මේ තියෙන තත්වය අවබෝධ කරගන්න කියලා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට. අන්න ඒ දේශපාලන සූදුවට ඉඩ දෙන්න එපා …

Continue Reading

බැසිල්ගේ ‘කර පිටින් තම සිහින සැබෑ කර ගැනීමට‘ සිහින මවන්නේ කවුරුන්ද ?

බැසිල් රාජපක්ෂ ඇමති – අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි. පළමුව, ‘පොහොට්ටුව‘ ට බලය ලබා ගැනීමට ලංකාවේ හතර දිග් භාගයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් වසර තුනක් දිනපතා, අඛණ්ඩව සැලසුමකට වැඩ කළේය (ධනසිරි අමතුරංග වර්ගය).  එයින් බහුතරයකට අද ප්‍රතිලාභයක් තබා ඇගයීමක් හෝ ලැබී නැත. ඔවුන් සිටින්නේ දැවැන්ත බිඳවැටීමක ය. මේ පිරිස ‘පොහොට්ටුවේ අරටුව‘ යි.  දුෂ්කරතා හා අවමන්/නොතකා හැරීම් පමණක් ලැබූ  …

Continue Reading

පොහොට්ටුවේ මැර දේශපාලනය ලත් තැනම ලොප් කළ යුතුයි – අනුර කුමාර දිසානායක

“ජනතාවගේ උද්ඝෝෂණවලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කර පහර දෙමින් යන්න හදන මේ ගමන ආරම්භයේදීම අප පරාද කළ යුතුයි. නැත්නම් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනීවි. සමාජ අපරාධයක් වාර්තා කරන්න මාධ්‍යවේදීන්ට බැරි තත්වක් ඇතිවේවි. ජනතාවට තමන්ගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂගෙන් අපි අහන්නේ විනයක් හදන්න, රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඇවිත් කරන්නේ මේවාද?” …

Continue Reading

බටහිර අධිපතිවාදයට අභියෝග කරන ‘ජනතාවාදී චීනය දෙස‘ විවෘත මනසින් බලමුද ?

දෙවන ලෝක යුධ සමය අවසානයේ  සිට බටහිර ලෝකයා විසින් එම රට  හැදින්වූයේ  අධික ජනගහනයක් සිටින පාපැදි මගින් ගමන් බිමන් යන අපිරිසිදුකම බහුල සාක්ෂරතාවයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙසයි. සේද මාවතේ නව පරිච්ඡේදයකට අවතිර්ණවීමට අඩිතාලම දමා ඇති චීනය වර්ථමානය වන විට ලබාගෙන ඇති දියුණුව ඉතා විශාලය. ඉංදියාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා කොරියාව පසෙකට තල්ලුකර දමමින් චීනය ඉදිරියට යන බව එරටෙහි දශක දෙකක් …

Continue Reading

කොවිඩ් වසංගතය සහ ‘මරණ දේශපාලනය‘

ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය මගින් නිශ්චය කෙරෙන්නකි). නමුත්, ඔවුන් සෑම විටම එම බලය සහ අයිතිය ක්‍රියාවට නගන්නේ නැත. ඇතැම් විට, අප තවමත් ජීවතුන් අතර සිටින්නේ අපට තවමත් ඔහේ ජීවත් වීමට ඉඩ දී තිබෙන …

Continue Reading

ජූනි 21දා සංචරණ සීමා ඉවත් කිරීම: රජයේ තීරණය හා සෞඛ්‍යයේ තීරණය එකක්ද ? දෙකක්ද ?

කොව්ඩ් වසංගතය පාලනය කරන්න කියල දස අතින් රජයට බලපෑම් ආපු නිසා මැයි 21 අඛණ්ඩ සංචරණ සීමා දාන්න ආණ්ඩුව තීරණය කරා. සෞඛ්‍ය අංශ වලින් කරන දැඩි බලපෑම නිසා සංචරණ සීමා දැම්මට ඒක ඉවත් කර ගන්න රජයට ලොකු උවමනාවක් තිබෙන බව තමයි බැලූ බැල්මට පෙන්න තිබුනේ. ජුනි මස 14 වෙනිදා සංචරණ සීමාව ඉවත් කරන්න තිබුනත් බොහෝ සෞඛ්‍ය අංශ වලින් කිව්වේ ඒක නැවත …

Continue Reading

විශේෂඥ කතා 05ක් සමග ‘සැර වෛරස් ප්‍රභේදයේ අලුත්ම තත්ත්වය’

පසුගිය දා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයින් 05 දෙනාට ආසාදනය වී තිබූ ‘සැර වයිරසය‘ හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය‘  ඉන්දීය ධීවරයන් මාර්ගයෙන් මෙරටට ඇතුළු වූවා දැයි සෞඛ්‍ය අංශ වලට සැක මතු වී ඇතැයි ද ඒ අනුව මෙරට වෙරළ කලාපයේ තෝරාගත් ධීවර කණ්ඩායම්  පී .සී .ආර් පරීක්ෂණවලට අහඹු ලෙස  යොමුකිරීමේ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි ද ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය …

Continue Reading

සංරක්ෂණය කළ යුත්තේ ත්‍රිපිටකයද ? ශාසනය ද ?

එම පනත තුළ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ පදනම වී ඇත්තේ ඒ ඒ නිකායවල්වලට ඇති බලපුළුවන්කාරකම්ය. වාසනාවකට මෙන් බෞද්ධ ජනතාව තවමත් කිසිදු නිකායකට නොබෙදී බුදුන්වහන්සේගේම නිකායේ රැඳී සිටීම නිසා අද පවතින තරමට බුදු දහම ආරක්ෂා වී ඇත. ගිහියන් ද භික්ෂුන් මෙන් ඒ ඒ නිකායන්වලට බෙදී කටයුතු කළේ නම් ත්‍රිපිටකයට පමණක් නොව බුද්ධ ශාසනයට ද දෙයියන්ගේම පිහිටය. ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ …

Continue Reading

‘තෙල් මිල පහළ දැමිය හැකි ආකාරය‘ ජවිපෙ සාක්ෂි සහිතව හෙළි කරයි

‘‘ බොරු සෙල්ලම් දාන්නේ නැතිව, ජනතාව තවත් රැවටීමට ලක් නොකර තෙල් මිල තිබූ තත්වයට අඩු කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. තෙල් මිල අඩු කර ජනතාව මේ විපතින් මුදා ගැනීමට කටයුතු කරන්න. ආණ්ඩුවේම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කොරෝනා තත්වය මැද තෙල් මිල වැඩි කිරීම අසාධාරණ යැයි තැන්තැන්වල විවිධ ප්‍රකාශ නිකුත් කරනවා නම් ආණ්ඩුවට සරල තීන්දුවකින් මෙය විසඳිය හැකියි. ආණ්ඩුවට බදු අඩු කර …

Continue Reading

දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න – අගමැති ගුරුවරුන්ගෙන් ඉල්ලයි

පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය. පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර …

Continue Reading