14 දා මේ රාජ්‍ය ආයතනවල සේවාවන් ක්‍රියාත්මක නොවේ
-
Editor
-
November 12, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 නොවැම්බර් 14 වනදා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ එදින මහ මැතිවරණය පැවැත්වෙන බැවින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බැවින් එම සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි. මේ අතර විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි …
Continue Reading
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්
-
Editor
-
November 12, 2024
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි. ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය, ජාතික හැඳුනුම්පත වලංගු විදේශ ගමන් බලපත්‍රය වලංගු රියදුරු බලපත්‍රය රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත වැඩිහිටි හැඳුනුම්පත පූජ්‍ය / පූජක හැඳුනුම්පත ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ …
Continue Reading
ළමුන් අතර ‘අත්, පාද සහ මුඛ රෝග වල’ ඉහළ වර්ධනයක්
පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුළ අත්, පාද සහ මුඛ රෝග (Hand, Foot, and Mouth Disease – HFMD) රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇතැයි රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. ඔහු සඳහන් කළේ පාසල් සිසුන් අතර HFMD රෝගීන් ඉහළ ගොස් ඇති බවයි. නොවැම්බර් සහ දෙසැම්බර් යන සීතල මාසවල වෛරස් ආසාදන, (විශේෂයෙන් HFMD) බහුලව …
Continue Reading
ඉරාකයෙන් ගැහැණු ළමයින්ගේ විවාහ වයස අවුරුදු 9 දක්වා අඩු කළේ ඇයි ?
-
Editor
-
November 12, 2024
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
news
-
0 Comments
ඉරාකය සිය රටේ පිරිමින්ට කුඩා දැරියන් විවාහ කර දීමට ඉඩ සලසන නීතිමය වයස අවුරුදු 18 සිට නවය දක්වා අඩු කිරීමට සූදානම් වේ. යෝජිත නීතිය මගින් දික්කසාදය, ළමා භාරකාරත්වය සහ උරුමය ඇතුළු අත්‍යවශ්‍ය අයිතිවාසිකම් කාන්තාවන්ට අහිමි කරනු ඇති බවට මානව හිමිකම් සංවිධාන බිය පළ කර ඇත. ඉරාක නීතිය බොහෝ අවස්ථාවලදී විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ලෙස නියම කරයි. එහෙත්, ඉරාක …
Continue Reading
අමු කරපිංචා කොළ හපන එක ඔබේ සමට සහ සෞඛ්‍යයට හිතකරද ? විස්තරාත්මකව දැනගන්න
අමු කරපිංචා කනවාද නැද්ද කියා ඔබ කල්පනා කරන්නේ නම් අපට පිළිතුරක් තිබේ! අමු කරපිංචා කොළ හැපීම සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් හිසකෙස් සෞඛ්‍යය සම්බන්ධයෙන් එය වැදගත් වේ. නමුත් එවැනි පුරුදු සඳහා විද්‍යාත්මක තහවුරු කිරීම් තවමත් ඉතා අල්ප බව මතක තබා ගත යුතුය. මෙම පත්‍ර හිසකෙස් වර්ධනයට අවශ්‍ය විටමින් වලින් පිරී ඇති අතර එමඟින් හිසකෙස් නිරෝගීව තබා ගැනීමට සහ ඔබේ …
Continue Reading
නිහඬ කාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ නීතිය
මහා මැතිවරණ පනත සම්මත වන අවදියේ සමාජ මාධ්‍ය තිබුණේ නැත. මෙරට ක්‍රියාත්මක මැතිවරණ නීති එනම් ඡන්ද වැරදි (පනතේ 66 සිට 76දක්වා), දුෂණ ක්‍රියා (පනතේ 77 සිට 82 දක්වා) සහ නීති විරෝධී ක්‍රියා (පනතේ 83 සිට 90දක්වා) යටතට ද සමාජ මාධ්‍ය ගැනෙන්නේ නැත. සමාජ මාධ්‍ය නිදහස් ය. මෙටා අද දින දැන්වීම් සඳහා මුදල් බාර ගන්නේ නැත. නමුත්, කලින් මුදල් ගෙවා ගිවිසුම් …
Continue Reading
වනිඳුට ආබාධයක් – දුෂාන් හේමන්ත එක්දින තරගාවලියට කැඳවයි
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්තව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නවසීලන්තයට එරෙහිව ඉකුත් ඉරිදා රාත්‍රියේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය අතරතුරදී ශ්‍රී ලංකා පිලේ පළපුරුද ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම නිසා, දුෂාන් හේමන්තව කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන තිබේ. …
Continue Reading
නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි
-
Editor
-
November 11, 2024
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
sport
-
0 Comments
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් විය. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් නවසීලන්තයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ හෙයින් නවසීලන්ත පිල ඕවර් 19.3කදී …
Continue Reading
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි. සුළු හා මධ්‍ය …
Continue Reading
වී සහ සහල් වෙඳෙපොළ වෙත විධිමත් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳ විශ්ලේශණාත්මක විවරණයක්
ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත මෙම ක්ෂේත්‍රයට අදාල පශ්චාද් උපාධි කිහිපයක් හිමි වසර ගණනාවක් මෙරට ජීවන වියදම් කමිටුවේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස කටයුතු කරන කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කළ …
Continue Reading