මැයි මස විශ්‍රාම වැටුප සහ පන්දහසේ දීමනාව හෙට සිට

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවනු ලැබේ. මැයි මස දීමනාව ගෙවීම හෙට ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කෙරේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන්දහස බැඟින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය. මේ කණ්ඩායම්වලට අයත් …

Continue Reading

මැයි 11 වන විට කොවිඩ් තත්ත්වය ගැන මම අනාවැකි කීවේ නෑ- අනිල් ජාසිංහ

රට විවෘත  වී එදිනෙදා කටයුතු ආරම්භ වුවද සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුළුව සෞඛ්‍ය  උපදෙස් නිරන්තරව සියලු දෙනා පිලිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යලිත් අවධාරණය කරයි. මැයි මස 11 වනදා වන විට කොරෝනා (කොවිඩ් -19) තත්ත්වය සමනය වේ යැයි තමන් ප්‍රකාශ කල බවට අද (03 ) ඇතැම් මාධ්‍ය වාර්තා පලවී තිබුණත් තමා විසින් එබඳු ප්‍රකාශයක් සිදු නොකළ බව සෞඛ්‍ය …

Continue Reading

හුදකලා කළ ගම්මාන කිහිපයක් සාමාන්‍ය තත්ත්වයට

කොවිඩ් – 19 හේතුවෙන් අවදානම් කලාප ලෙස හුදකලා කර තිබු කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ, පන්නිල හා චීනකොරටුව සහමහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට පනවා තිබු හුදකලා බවින් ඉවත් කරන ලද අතර, එම ප්‍රදේශ අද (03) දින සිට අනෙකුත් ප්‍රදේශ මෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා …

Continue Reading

අගමැති මහින්දගේ තේ මේසේ සාකච්ඡාව වර්ජනය කිරීමට එජාපය තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ. කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් …

Continue Reading

මැයි 04 වැනිදා තැපැල් කාර්යාල විවෘත කරන්නේ නැහැ – තැපැල් වෘත්තීය සමිති

කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ ඒකමතිකව තීරණය කළ බව එම පෙරමුණ විසින් තැපැල්පතිවරයා වෙත ලිපියක් මගින් දන්වා යවා තිබෙනවා. එම ලිපියේ සදහන් වන්නේ රජය විසින් ගත් තීරණය අනුව කොළඹ …

Continue Reading

නොගියොත් චෝදනා කරන නිසා එජාපය මහින්දගේ මැයි 04 හමුවට යනවා – අකිල

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හමුව සදහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (2) පැවසුවේය. එජාපය විසින් එම තීරණය ගැනීමට හේතු පැහැදිලි කරමින් මහ ලේකම්වරයා කියා සිටියේ අදාළ හමුව වර්ජනය කළහොත් එය හේතු කොට ගෙන ආණ්ඩුව දිගින් දිගටම එජාපයට චෝදනා …

Continue Reading

මහ මැතිවරණය ගැන නිශ්චිත තීන්දුව තව සති දෙකකින්

මහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගැනීම සදහා තව සති දෙකකින් මැතිවරණ කොමිසම රැස්වන බව මැතිවරණ කොමිෂන් සභාව අද (2) පැවසුවා. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් තීරණය ගත් බවයි වාර්තා වන්නේ. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පැවැති සාකච්ඡාවේදී නියම කළ පරිදි ජූනි 20 වැනිදා මහ මැතිවරණය …

Continue Reading

‘මනාප අංක’ මැතිවරණ දිනය නිශ්චිතව තීන්දු කළාට පසු – දයාසිරි ජයසේකර

මැයි 04 වැනි දින මහ මැතිවරණය සදහා තරග කරන අපේක්ෂකයින් හට අපේක්ෂක අංක ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වුවත් එදිනට එය සිදු නොවනු ඇති බව ඇමැති දයාසිරි ජයසේකර මහතා අද (2) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවසුවා. දේශපාලන පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිෂමේ සාමාජිකයින් අතර අද දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පවසා සිටියේ මහ මැතිවරණය …

Continue Reading

විරෝධතා රැසක් සමග ‘සමගි ජන බලවේගයත්’ මහින්දගේ මැයි 04 හමුව ප්‍රතික්ෂේප කරයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාටම මැයි  4 වැනි දා අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නට  සිදු කළ ආරාධනය  සමගි ජන බලවේගය විසින්  ප්‍රතික්ෂේප කරන බව සදහන් කරමින් එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමගි ජන බලවේගය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.  විපක්ෂය වගකීමෙන් හැසිරුණා  කොරෝනා ව්‍යසනය පිළිබඳව වූ අනතුර …

Continue Reading

රිෂී කපූර් ගැන ඔබ නොදත් බොහෝ දේ සමග ඔහුගේ දුර්ලභ ඡායාරූප…

රිෂි කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නගරයට ගියේය . වසරකට වැඩි කාලයක් සාර්ථක ප්‍රතිකාරවලින් පසු රිෂි කපූර් 2019 සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය. එතැන් සිට බොහෝ වාරයක් අසනීපව සිටි ඔහු බදාදා රාත්‍රියේ මුම්බායි හි ශ්‍රීමත් එච්එන් රිලයන්ස් පදනම් රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහු බ්‍රහස්පතින්දා උදෑසන අභාවප්‍රාප්ත විය.  අතිෂය ජනාදරයට පත් බොලිවුඩ් නළුවෙක් වූ රිෂි කපූර් Rishi Kapoor පසුගිය …

Continue Reading