අගමැති මහින්දගේ තේ මේසේ සාකච්ඡාව වර්ජනය කිරීමට එජාපය තීරණය කරයි

Spread the love

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ.

කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් එක් ප්‍රධාන කරුණක් නම් මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කරනු ලැබුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ට යැයි පමණක් රාජපක්ෂ ආණ්ඩු පාර්ශවයෙන් සඳහන් කලද මේ සඳහා 2010 වසරේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කර තිබීම එක් කරුණකි.

එසේම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකමතිකව ඉල්ලා සිටින අවස්ථාවක රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එම ඉල්ලීම නොතකා හැරීම තවත් එක් කරුණකි.

තවද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සාකච්ඡාව කුමක් අරඹයා සිදුකරන්නක්ද යන්න පිළිබඳව ඇති අපැහැදිලි බව තවත් කරුණකි.

එහෙත් රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවට කෙරෝනා ප්‍රශ්නය සඳහා යම් සහයක් අවශ්ය නම් ඊට ඕනෑම මොහොතක ප්‍රධාන විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය සූදානම් බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා සඳහන් කර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබුණේ මහින්දගේ දන්සැල් මන්දිරයේ සාකච්ඡා අනවශ්‍ය බවත්, රටේ ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුවට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් පිළිගත් සම්ප්‍රදාය සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට ගරු කරමින් විධායක බලය යොදාගනිමින් විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසයි.

RSL

Related Posts