ඇමෙරිකානු ඩොලරයට යළිත් ‘රුපියල් 200.06ක්’

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද (16) රුපියල්  200 සීමාව ඉක්මවා ගිය බව මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (16) රුපියල් 200.06ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 198.25ක් ලෙසත් සටහන් වුණා. 2020 වසරේ අප්‍රේල් මාසයේ 08 වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය …

Continue Reading

නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට එක් කිරීමට යයි

නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ හා  අධිකරණ අමාත්‍ය  අලි සබ්රි මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත්කිරීම සිදුවිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  සුසිල් …

Continue Reading

‘Made in Sri Lanka’ අගමැති මහින්දගේ ආයාචනය

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (15) ප්‍රකාශ කළේය. වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) එළිදැක්වීම කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. කර්මාන්ත අමාත්‍ය විමල් …

Continue Reading

කාර්යාංශයේ ලියාපදිංචි වී ‘රට රැකියාවලට ගිය අයට’ වාසි ගොඩක්

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය ගෙන්වා ගැනීම සහ නිරෝධායනය කිරීම රජ‍යේ වියදමින් කරනවා යැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. ඊයේ කම්කරු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කම්කරු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එහිදී වැඩි දුරටත් අදාළ වැඩපිළිවෙළ ගැන කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ වන විට තිස් දහසකට …

Continue Reading

මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතුම වැදගත් කරුණු හතරක්

ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය. නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි. තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය …

Continue Reading

2 වැනි කණ්ඩයේ දියවැඩියාව හෙවත් උපතින් පසු ඇතිවන දියවැඩියාව ආපස්සට හරවන්න පුළුවන්ද?

2 වැනි කණ්ඩයේ දියවැඩියාව හෙවත් උපතින් පසු ඇතිවන දියවැඩියාව මතුවී වසරක් පමණ ඇතුළත නැවත ආපස්සට හැරවිය හැකියි / බර අඩු කිරීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ ආහාර පාලනය කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මෙතෙක් කාලයක් දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මූලික අරමුණ කරගත්තේ සුවපත් කිරීමට වඩා පවතින රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා …

Continue Reading

මියන්මාරය: මන්ත්‍රීවරු ‘විප්ලවයක්’ ප්‍රකාශයට පත් කරති

කුමන්ත්‍රණයක් මගින් පසුගිය පෙබරවාරි මාසයේ මියන්මාරයේ බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාව ඔවුන්ගේ පාලනයට එරෙහි විරෝධතා මර්දනය කෙරුණ මිනිස් ඝාතක දවසකින් පසු රට තුළ තවත් දිස්ත්‍රික්ක කීපයක යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. සඳුදා දිනය වනවිට අඩුතරමින් විරෝධතාවාදීන් පනස් දෙනකුවත් මරා දමනු ලැබ ඇතැයි වාර්තා වූ අතර ඉරිදා (මාර්තු 14) පොලිස් මර්දනයේ දී ප්‍රදේශ කීපයක විරෝධතාවාදීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් සිදුකරනු …

Continue Reading

මගී ප්‍රවාහන සේවයේ නියුතු වූවන්ට ‘ලීසිං පහසුකම් සඳහා’ සහන

මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා, ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී …

Continue Reading

පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය ‘පස් කපා වනසයි’

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇත. මේ සඳහා එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ බිරිද, …

Continue Reading

වතු කම්කරු 1000 වැටුප පනතක් ගෙනත් හෝ ලබා දෙනවා – කම්කරු ඇමති

පනතක් ගෙනත් හෝ වතුකම්කරුවන්ගේ රුපියල් 1000 වැටපු ලබා දෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. කම්කරු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) කම්කරු  අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේතේ සහ රබර් කර්මාන්ත කර්මාන්තයේ නියුතු සියලු ශ්‍රමිකයන් සඳහා මෙම පඩි පාලක සභාවේ තීන්දුව ක්‍රියාත්මක වන බවයි. මෙහිදී වැඩි දුරටත් …

Continue Reading