කාර්යාංශයේ ලියාපදිංචි වී ‘රට රැකියාවලට ගිය අයට’ වාසි ගොඩක්

Spread the love

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය ගෙන්වා ගැනීම සහ නිරෝධායනය කිරීම රජ‍යේ වියදමින් කරනවා යැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. ඊයේ කම්කරු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කම්කරු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදාළ වැඩපිළිවෙළ ගැන කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ වන විට තිස් දහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට නැවත පැමිණ ඇති පැමිණ ඇති අතර තවත් 20,000ට ආසන්න පිරිසක් ගෙන්වා ගැනීමට නියමිතව තිබෙනවා. ඔවුන් ගෙන්වා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඔහු පැමිණීමෙන් පසු නිරෝධානය කිරීම සඳහා අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමයි. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් නියමිත කාලය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අය කාර්යාංශයේ මුදලින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් ඔවුන් කාර්යාංශය වියදමින් නිරෝධායනය කිරීමටත් අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම හෝටලයක් හෝ නේවාසික පහසුකම් ඇති ස්ථානයක් කුලියට ගෙන  නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ඉන් පළමු වෙනි නිරෝධායන මධ්‍යස්ථාන අටක් සති දෙකක් ඇතුළත ආරම්භ කරනවා.

ඒ අනුව  එම නව නිරෝධායනය මධ්‍යස්ථාන පිහිටුවීමට හඳුනාගත් සුදුසු ගොඩනැගිලි පිළිබඳ ලැයිස්තුව මේ වන විට  covid මර්දන කාර්ය සාධක  බළකායේ ප්‍රධානී  යුද හමුදාපති මේජර් ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත යොමුකර තිබෙනවා. එම මධ්‍යස්ථානවල සියලු වියදම් දරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි.

මෙම විගමනිකයන් ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගිය අයටයි.

Related Posts