ගෑස් මිල ගැන අගමැතිගෙන් සහතිකයක්

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 17 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය. වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූණූ හා රතු …

Continue Reading

ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ

ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සඳහා …

Continue Reading

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (17) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි. මෙම වර්ජනයට හේතු වශයෙන් නිරෝෂන් හේරත් මහතා දක්වා සිටියේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි තුළින් සිදුවන අලාභයක් දුම්රිය සේවකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම, අසාධාරණ ලෙස විනය ක‍්‍රියාමාර්ග ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතු වූ බවයි. ‘‘මේ සම්බන්ධයෙන් අපි …

Continue Reading

හිටපු ඇමති රවී කරුණානායක ඇතුළු 08ක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය. පොදු දේපළ පනත ඇප පනතට අදාළ වීම සහ නොවීම සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු …

Continue Reading

1996 ලෝක කුසලාන විජයග්‍රහණයේ සැමරුම

අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත ලෝක කුසලාන ජයක් ලබන්න පුළුවන් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී …

Continue Reading

ඔබේ සුන්දරත්වය වැඩි දියුණු කිරීම සඳහා ‘සරල’ උපදෙස් 5ක්

ඔබට වෙහෙස දැනෙන විට, එය පෙන්නුම් කරයි! ඔබේ සුන්දරත්වය දෙස බැලීමේ හොඳම යතුර නම් සතුටින් සිටීම හා ජවසම්පන්න වීමයි. රූපලාවන්‍ය විශේෂඥයින්  පවසන්නේ සන්තෝෂවත් ගැහැනු ළමයින් වඩාත්ම ලස්සන බවත් එය එතරම්ම සත්‍ය බවත්ය!  මානසික ආතතිය තෙහෙට්ටුවට හේතු වන අතර, ඔබේ මනස සහ ශරීරය ආතති සහගත තත්වයන්ට මුහුණ දෙන විට එය ඔබගේ පෙනුමට වහාම බලපායි. වෙහෙසට පත් ඇස්, හිසකෙස් නැතිවීම, සම අවපැහැ වීම සහ …

Continue Reading

ඔසප් නතර වීමෙන් පසු ලිංගිකත්වය

“ වෘත්තීය සාර්ථකත්වය හෝ විශ්‍රාම ගැනීම වැනි මගේ ජීවිතයේ මේ ස්ථානයට පැමිණ ඇතැයි මම සිතුවෙමි. මට නව සහ වඩාත් විනෝදකාමී ආකාරයකින් සමීප සබඳතා භුක්ති විඳිය හැකිය. නමුත් මගේ ශරීරය මාව පාවා දුන්නා! ” මෙය බොහෝ Perimenopausal සහ Menopausal කාන්තාවන්ගේ කතාවයි.  (Perimenopause යන්නෙහි තේරුම “ඔසප් වීම ආසන්න හෝ සමීප යන්නයි. ” යන්නයි. එය ඔබේ ශරීරය ස්වාභාවිකවම ඔසප් වීම සඳහා සංක්‍රමණය වන කාලය, ප්‍රජනක …

Continue Reading

ලංකාවේ ‘පරිගණක අපරාධ සහ අසභ්‍ය චිත්‍රපට’ සම්බන්ධ නවතම හෙළිදරව්ව

පසුගිය වසරේ 2020 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ තම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම සංසදය Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) කියයි. මින් පැමිණිලි 14284 ක්ම ලැබී තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වන අතර වංචා කිරීම් සම්බන්ධව පැමිණිලි 109 ක් හා මුල්‍ය හා විද්‍යුත් …

Continue Reading

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්න’අසාද් සාලි’ අත්අඩංගුවට

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා. 1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව අසාද් සාලි මහතා වරදක් …

Continue Reading

‘AstraZeneca’ ආරක්ෂාව ගැන සමාලෝචනයක්

කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා නිපැයූ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත බෙදාහැරීම යුරෝපා රටවල් කිහිපයක් විසින් නතර කරනු ලැබීමත් සමග එම එන්නත සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් අඟහරුවාදා (මාර්තු 16) රැස්වන බව වාර්තා විය. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පැහැදිලි කරමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අඟහරුවාදා (මාර්තු 16) මාධ්‍ය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ එන්නත් …

Continue Reading