අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Spread the love

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (17) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි.

මෙම වර්ජනයට හේතු වශයෙන් නිරෝෂන් හේරත් මහතා දක්වා සිටියේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි තුළින් සිදුවන අලාභයක් දුම්රිය සේවකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම, අසාධාරණ ලෙස විනය ක‍්‍රියාමාර්ග ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතු වූ බවයි.

‘‘මේ සම්බන්ධයෙන් අපි දුම්රිය බලධාරීන් සමග සිදුකළ සමඟ සිදුකළ සාකච්ආ අසාර්ථක වුණා. ඒ නිසා අපි ඊයේ පස්වරු 2.00ට පමණ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කළත් දුම්රිය මගීන් මුහුණ දෙන දුෂ්කරතා නිසා නිසා එදිනම සවස වර්ජනය අවසන් කළා. නමුත් අපේ ගැටලුවලට මේ දක්වා පිළිගත හැකි විසදුමක් නොලැබුණ නිසා නැවත අවසන් විකල්පය ලෙස මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගය නිරත වීමට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් තීරණය කළා.

මේ සම්බන්ධයෙන් අප දුම්රිය මගීන්ගෙන් කළ විමසීමේදී ඔවුන් දැඩිව කියා සිටියේ මෙම වැඩවර්ජනය අසාධාරණ සහ අවස්ථාවාදී එකක් බවයි.

Related Posts