කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට ‘කෝපා’ කාරක සභාවට

කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව  සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව හෙට (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා)  සලකා බැලේ. අනිද්දා(24) දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා තිබෙන අතර, බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ  (RAMIS) වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව එහිදී විශේෂයෙන් සලකා බැලේ.  මාර්තු මස 10 වැනි දින …

Continue Reading

ILO C 190 සම්මුතියට ‘අමාත්‍ය මණ්ඩල අනුමැතිය’

ILO හෙවත් ලෝක කම්කරු සංවිධානය විසින් 2019 දි අනුමත කරන ලද C 190 සහ  තවත් සම්මුති දෙකක් ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ලෝක කම්කරු සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වන ශ්‍රී ලංකාව,කම්කරු ජනතාවගේ සුබසිද්ධියට හා අභිවෘද්ධියට හේතුවන මෙම සම්මුති මෙරට නීති බවට පත්කිරීමට  අවශ්‍ය පියවර ඉදිරියේ දී ගන්නා බව …

Continue Reading

දේශීය කෘෂිකර්මාන්තයේ නව යුගයක් අරඹමින් AgroBizz-Smart වේදිකාව අරඹයි

දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතභාවය ගැන වෙන කවරදාටත් වඩා දැන් කතා කරනවා. රජයේ වගේම ගොවීන්ගෙන් උනන්දුවත් දැන් දැන් කෘෂිකර්මාන්තය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා. ඒ අතර පාරිභෝගිකයින් ද තමන්ගේ පැත්තෙන් ඒ ගැන හිතන විට ව්‍යාපාරිකයින් ද තමන්ගේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු දේ ගැන හිතනවා. මේ සියල්ල ධනාත්මක, නැතිනම් සතුටු විය හැකි නව ප‍්‍රවණතා. ආහාර සුරක්ෂිතභාවය කියන්නේ රටක අභිමානයට වගේම නිරෝගී පැවැත්මටත් ආර්ථික …

Continue Reading

World Happiness Report 2021: ලෝකයේ අසතුටින් සිටින රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

World Happiness Report 2021 හෙවත් 2021 වසරේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල දර්ශකය ඊයේ (19) ප්‍රකාශයට පත් වූ අතර එම දර්ශකයේ ශ්‍රී ලංකාවට 129 වන ස්ථානය හිමිව තිබෙනවා. පළමු ස්ථානයේ ෆින්ලන්තයත් අවසන් ස්ථානයේ ඇෆ්ගනිස්ථානයත් සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ‘තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම World Happiness Report එළිදක්වනු ලබන අතර ඒ සදහා ලොවපුර සියලුම මහද්වීපවලට පිහිටි රටවල් 149ක් යොදා ගන්නවා. …

Continue Reading

ලංකාවේ මුල්ම රක්ෂිතය රැක ගන්න ‘දේවානි ජයතිලක’ යළි සටන් බිමට

මේක 1885 මැයි 22 ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත් කරපු ලංකාවේ පළමු රක්ෂිතය. මේක කැළණි ගගේ අවසාන ජල පෝෂක ප්‍ර දේශය. මීතිරිගල ඔයේ ජල පෝෂක ප්‍රදේශය. මීතිරිගල ඔය කියන්නේ අතිශය සංවේදී ප්‍රදේශයක්. පිරිසිදුම ජලය තියෙන ප්‍රදේශයක්. ගම්පහ තියෙන එකම ස්වාභාවික කැළේ. රක්ෂිතයක නීතියක් තියෙනවා අනවසර පදිංචියක් තියෙනවානම් ඉවත කරන්න ඕන. හැමෝම මේකට කියන්නේ සේද ගොවිපළ කියලා. ඒක වැරදියි. සේද ගොවිපළ …

Continue Reading

දේශගුණ විපර්යාස සහ ආහාර අතර අන්තර් සම්බන්ධය ගැන හෙළිවෙයි

ලෝක ජනගහනය ඉහළ යත්ම දේශගුණ විපර්යාස වෙත ආහාරවල බලපෑම ඉහළ යමින් පවතී. සම්පත් සිඳී යාමේ පුරුදු සහ පරිසරයට හානිකර මස් සඳහා අපගේ වැඩිවන ඉල්ලුම නිසා අපි අනුභව කරන දේ කිසි විටෙකත් පෘථිවියේ සෞඛ්‍යයට වඩා වැදගත් නොවේ.  ක්ෂේත්‍රයේ සිට පිඟාන දක්වා ආහාර ලබා ගැනීම සඳහා ගත යුතු සියලු පියවර ඔබ සැලකිල්ලට ගත් විට, ආහාර නිෂ්පාදනය දැනට දේශගුණික විපර්යාස ඇති කරන විමෝචනයන්ගෙන් හතරෙන් එකකට වඩා දායක වේ. කෘෂිකර්මාන්තය …

Continue Reading

Covid-19 නිසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ‘ළමා සහ මාතෘ මරණ 239,000ක්’

කොවිඩ්-19 වසංගතයත් සමඟ සෞඛ්‍ය සේවා අඩාලවීම හේතුවෙන් දකුණු ආසියානු රටවල ළමා සහ මාතෘ මරණ 239,000ක් පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි. එම වාර්තාව මගින් අවධානය යොමුකරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝනිස්තානය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියානු රටවල් සමූහයයි. එම රටවල ජීවත්වෙන ජනගහනය කෝටි 180ක් පමණ වෙයි. එක්සත් ජාතීන්ගේ එම වාර්තාව අනුව දකුණු ආසියාතික රටවල …

Continue Reading

7 වැනි තැන රැක ගන්න ශ්‍රී ලංකාව – කොදෙව් පිළ සමග තීරණාත්මක ටෙස්ට් තරගාවලිය අරඹයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (21 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භක පිතිකරුවන් යුගලක් නායකත්වය දැරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවද්දී කොදෙව් පිල ක්‍රෙක් බ්‍රැත්වයිට් විසින් …

Continue Reading

ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ – ‘ගම සමඟ පිළිසඳරේ’ දී ජනපති කියයි

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ  නිදහස නොවෙයි .. යුද සමයේ රටට එරෙහි වූ මාධ්‍ය කණ්ඩායමක් නැවත නැගිටලා … මාස 60ක ධූර කාලයේ වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා … නීති පනවා ඇත්තේ ජනතා යහපතට …. දිළිඳුතම ජනයාට තවත් රැකියා ලක්ෂයක් …. ජනතා ඉල්ලීම අනුව වලපනේ හා පූඩලුඔය පූර්ණ සංවර්ධනයට .. මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවත් …

Continue Reading

13 කණුවේදී ජීවිත 15ක් බිළිගත්තේ කළුගලක් – වගකීම බලධාරීන් භාරගත යුතු බවට චෝදනා !

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක් අද (20) දින අළුයම කාලයේදී මොනරාගල – බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනකු මියගොස් තවත් 32ක් තුවාල ලබ ඇතැයි පස්සර පොලිසිය සදහන් කළා. මිය ගිය අය අතර කාන්තාවන් 6 දෙනකු ද සිටිනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50 දෙනකු පමණ ගමන් කරමින් සිටි බවයි පස්සර පොලිසිය …

Continue Reading