‘කිරුළ ගැලවුවත් රැජින ඇයයි’ ප්‍රධාන සංවිධායක සහතික වෙයි
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා අද (5) මාධ්‍ය වෙත පැවසුවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිමාල් ජයසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කළා. ‘‘ඊයේ රාත්‍රි යේ සිදු වූ ඒ සිදුවීම ගැන අප සැබවින්ම කනගාටු …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (අප්‍රේල් 06) නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් …
Continue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදි ‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත. දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ. මේ සමගම කටු පොල් වගාව …
Continue Reading
ක්‍රිකට් විනිසුරුවන් 18 කට වාර්ෂික කොන්ත්‍රාත්තු ලබා දෙයි
ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 18 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ගිවිසුම්ගත විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රධානය ඉකුත් මාර්තු 31 වැනිදා පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන්වනු ලබන මෙම කොන්ත්‍රාත් ලබාදීම කාණ්ඩ 3 …
Continue Reading
‘ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජා වලට අපි තවත් අහුවෙන්නේ නෑ’ – මැල්කම් රංජිත් කාදිනල් තුමා
කමිටු දමලා එකි නෙකා ආරක්ෂා කරන්න යනවනම් රටේ නීතියක් නෑ, කොමිෂන් සභාව අවුරුදු එක හමාරක් තිස්සේ සොයලා බලලා තීන්දු දුන්නා නම් ආණ්ඩුව මොකටද තව තවත් හොයන්නේ. ඔය සෙප්පඩවිජ්ජාවලට රැවටිලිවලට තවත් අහුවෙන්නේ නෑ. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න’ යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා අවධාරණයෙන් සදහන් කළා. කාදිනල්තුමා මේ බව අවධාරණය කළේ අද (04) පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා කොටහේන ශාන්ත …
Continue Reading
කොළඹ 07 නෝනලා – මහත්තරු හදන කොවිඩ් මාර්ගෝපදේශ විහිළුවක් වෙලා
”කොළඹ හතේ වාසය කරන නෝනලා, මහත්තුරු එකතුවෙලා හදන කොවිඩ්-19 මාර්ගෝපදේශ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. උපුල් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඊයේ (03) නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු වශයෙනි. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් උපුල් …
Continue Reading
පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් – ඇමති G.L පීරිස්
පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කර ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. කෙසේ වෙතත් එලැඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින සියළුම දේශපාලන පක්ෂ සමග පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා …
Continue Reading
අලුතින් පොලිස් ස්ථාන 190ක් ස්ථාපිත කිරීමට පියවර
අලුතින් පොලිස් ස්ථාන 190ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ලංකාවේ මේ වන විට තිබෙන්නේ පොලිස් ස්ථාන 494ක් බව කී අමාත්‍යවරයා ජනතාවට බියෙන් – සැකෙන් තොර සමාජයක් බිහි කිරීම තම අරමුණ බව ද පැවසුවේය.
Continue Reading
හෙට පාර්ලිමේන්තුවේ මුළු දිනයම මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. හෙට (05) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් ඇසීමට අවස්ථාව ලබා දීමට සභානායක හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන එනු ලැබූ යෝජනාවකට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක …
Continue Reading
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්
නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ. ගොවි ජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව සඳහා වෙන් කිරීම සාම්ප්‍රදායිකව කරගෙන එනු ලබන වාර්ෂික චාරිත්‍රයකි. 54 වන වරට පැවැත්වුණු ජාතික අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස …
Continue Reading