‘ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජා වලට අපි තවත් අහුවෙන්නේ නෑ’ – මැල්කම් රංජිත් කාදිනල් තුමා

Spread the love

කමිටු දමලා එකි නෙකා ආරක්ෂා කරන්න යනවනම් රටේ නීතියක් නෑ, කොමිෂන් සභාව අවුරුදු එක හමාරක් තිස්සේ සොයලා බලලා තීන්දු දුන්නා නම් ආණ්ඩුව මොකටද තව තවත් හොයන්නේ. ඔය සෙප්පඩවිජ්ජාවලට රැවටිලිවලට තවත් අහුවෙන්නේ නෑ. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න’ යැයි කොළඹ අගරදගුරු  මැල්කම් රංජිත් කාදිනල් තුමා අවධාරණයෙන් සදහන් කළා.

කාදිනල්තුමා මේ බව අවධාරණය කළේ අද (04) පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

එහිදී කාදිනල්තුමා දැඩිව ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවයි.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කාදිනල්තුමා,

ඉතාමත් ඕනෑකමින් රජයෙන් ඉල්ලා සිටිනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අපිට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලන්න යනවා කියලා කතාවක් යනවා. තමන්ගේ යුතුකම් අමතක කරලා පිටරට ගියපු ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. රජයෙන් එතුමා වරදකරුවෙක් කරලා තියෙනවා. එතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙනද ඒ කතාව කියන්නේ කියලා. සහරාන්ලා එක්ක එකට හිටපු අය නිදැල්ලේ ඉන්නවා. තාමත් මම යුක්තිය සාධාරණත්වය ඉල්ලා සිටිනවා. 21 වෙනිදාට කලින් මේකට ක්‍රියාත්මක වුණේ නැතිනම් අපි පාරට බහිනවා. අපි නිහඬව ඉන්නේ නෑ. ඒක රට කරවන නායකයෝ මතක තියාගන්න. කමිටු දමලා එකි නෙකා ආරක්ෂා කරන්න යනවනම් රටේ නීතියක් නෑ, කොමිෂන් සභාව අවුරුදු එක හමාරක් තිස්සේ සොයලා බලලා තීන්දු දුන්නා නම් ආණ්ඩුව මොකටද තව තවත් හොයන්නේ. ඔය සෙප්පඩවිජ්ජාවලට රැවටිලිවලට තවත් අහුවෙන්නේ නෑ. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න.”

Related Posts