මෙරට කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළම සංඛ්‍යාව වාර්තා වෙයි !

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (03) වාර්තා වී තිබෙනවා. අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ අද දින නව කොවිඩ් ආසාදිතයින් 1913 දෙනකු වාර්තා වූ බවයි.

Continue Reading

ඇතෙක් විදුලි රැහැනකට බිලි

තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරගහවැව, වැව්ඉස්මත්ත ආසන්න ඉඩමකට පැමිණි ඇතෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් තිබෙනවා. මෙම ඇතාගේ වයස අවුරුදු 25ක් පමණ වන බවත් පසුගිය 02 වැනිදා අලුයම මෙම ඇතා ඝාතනය වී ඇති බවත් වනජීවී නිලධාරීන් පවසනවා. ලංකාව ලෝකයේ වැඩියෙන්ම අලි ඝාතන කරන රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබුණත් දෛනිකව සිදුවන මෙවැනි අලි ඝාතනවලට එරෙහිව තිරසර පියවරක් ගන්නා බවට පෙනී නොයන …

Continue Reading

‘පූජිත්ට සහ හේමසිරිට එරෙහිව’ චෝදනා 1728ක් යටතේ අපරාධ නඩු ගොනු කරනවා – නීතිපති කියයි

ඉතා පැහැදිලි බුද්ධි අංශ වාර්තා ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වෙනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ …

Continue Reading

ආණ්ඩුවේ කොරා්නා පාලනයත් ‘ධම්මික පැණිය වගෙයි’ – බිමල් රත්නායක

‘අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය තම නොහැකියාව හා උද්ධච්ච හැසිරීම වසා ගැනීමට පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා‘‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී …

Continue Reading

ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 209 ක ජයක්

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 10 ක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට වුණු ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 209 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමග තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය. සිව්වැනි …

Continue Reading

පිටසක්වලට පාර කියන රහස් දොරටුව තියන්නේ ‘රන්මසු උයනේ ද ?’

ලෝ ප්‍රකට බී.බී.සී වෙඩ් අඩවියේ වඩාත් ජනප්‍රිය අංශයක් වන ‘සාංචාරක“ විශේෂාංගය යටතේ අද (03) ලංකාවට අතිෂය වැදගත් විශේෂාංගයක් පළ කර තිබෙනවා. The Unsolved mystery of Sri Lankan’s Stargate’ එම ලිපියෙන් ජාත්‍යන්තර සංචාරකයින්ගේ අවධානය යොමු කරන්නේ අනුරාධපුරයේ රන්මසු උයනේ පිහිටි අපූරු සිතියම වෙතයි. මේ කතාව ඔබ හොදින් දන්නා කතාවක් වුණත් ඒ ගැන ඔබ තවත් නොදැන සිටි කතා කිහිපයක් දැන් දැන ගන්න …

Continue Reading

Covid-19 ආසාදිතයින් 1843ක්

අද (02) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1843 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 111,705ක් දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

Continue Reading

Covid-19 Local Hot: ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් බරපතළ අනතුරු ඇගයීමක්

ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අනතුරු අගවයි. මේ තත්ත්වය නිසා රටේ සියලු දෙනා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ද එසේ කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට පත්වන බවද ඇය කීවාය. “මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. …

Continue Reading

උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී 3.9% දක්වා පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 9.6හි සිට 2021 අප්‍රේල් මාසයේ …

Continue Reading

ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

ශ්‍රී ලංකාව තුළ දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අලුතින් මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබීය. සෙනසුරාදා (මැයි 01) අලුතින් රෝගීන් 1,716 ක් වාර්තා වූ අතර නොනවත්වා රෝගීන් 1,000 ඉක්මවා වාර්තා වූ පස් වෙනි දිනය මෙයයි. ඒ අනුව නව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ මාලාව මැයි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත …

Continue Reading