ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට හෙට

ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකකට හෙවත් 2021-2023 කාලය තුළ පරිපාලනය සදහා අදාළ නිලධාරීන් පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ‘ක්‍රිකට් නිලවරණය’ හෙට (20 වැනිදා) දිනට යෙදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ‘බුද්ධි කේන්ද්‍රය’ නිලවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් වෙමින් මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණය භාවිතයෙන් නිලධාරීන් පත් කර …

Continue Reading

ලේ බැංකුවේ ලේ හිඟයක් – කඩිනමින් ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන මෙන්න !

කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (19) දින ඉල්ලීමක් කළේය. ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ දන්දෙමින් ජීවිතයක් බේරා …

Continue Reading

ගැබිණි මවුවරුන්ට ‘කොවිඩ් එන්නත’ සුදුසුයි

ගර්භණී මව්වරුන්ට කොවිඩ් -19 එන්නත් ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය විසින් තහවුරු කළ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් පත්කර ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (19) සංවිධානය කළ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවාය. …

Continue Reading

කොවිඩ් ආසාදිත අවදානම ඉහළ තවත් පිරිසක් ගැන හෙළිදරව්වක්

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වීම බරපතළ තත්ත්වයක් බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති ‘කොවිඩ් ව්‍යාප්තිය පිළිබද වෛද්‍ය …

Continue Reading

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවද්දී සමස්ත ආසාදිතයින් 150,771ක්

කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස අද (19) වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. ඔහු පවසන්නේ අද සවස වන විට ආසාදිතයින් 3051 දෙනෙක් වාර්තා වූ බවයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.

Continue Reading

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණයට යෝජනා ඉල්ලයි

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය, මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ හා ඊට ආනුෂාංගික වෙනත් කාරණා සම්බන්ධයෙන් වන යෝජනා ජුනි මස 19 වැනි දින හෝ ඊට පෙර ලිඛිතව දන්වා එවන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහය හා නීති රීති වල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ …

Continue Reading

සංචරණ සීමා පනවා ඇති දිනවල ආර්ථික මධ්‍යස්ථාන වසා දැමුවත් ‘ගොවීන්ට හා පාරිභෝගිකයින්ට’ පීඩාවක් නෑ

ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ දිවයින පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථා වසා දැමීමට පියවර ගත්ත ද ගොවිජනතාවට සහ පාරිභෝගික ජනතාවට කිසිම අපහසුතාවක් ඇති නොවන ආකාරයට එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා …

Continue Reading

නොමග යවන සුලු ‘ඔක්සිජන් ප්‍ර‍තිකාර ක්‍ර‍ම’ පිළිබඳ කරුණු පරීක්ෂාව

ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍ර‍තිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිති. අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු …

Continue Reading

රසායනික පොහොර භාවිතයේ ප්‍රතිවිපාක හා කාබනික ගොවිතැනේ වාසි අවාසි

රසායනික පොහොර භාවිතය නතර කිරීම සාර්ථක වැඩපිළිවෙළක් හා අනාගත දරු පරපුර ආරක්‍ෂා කරන වැඩ පිළිවෙළක් වන බව පැහැදිලිය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති නොවේ යැයි සිතිය නොහැක. ඒ අනුව ඇති විය හැකි ප්‍රධාන ගැටලු මොනවාද යන්න පිළිබඳව හඳුනාගත යුතුය. ප්‍රධාන ගැටලුවක් ලෙස මෙහිදී දැකිය හැක්කේ මෙම ක්‍රියාවලිය සඳහා ගොවීන් හුරු කිරීම හා දැනුවත් කිරීමයි. දැනටමත් කාබනික පොහොර භාවිතය …

Continue Reading

පෝට් සිටි පනතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව; පුරවැසියන්ගේ ජයග්‍රහණයක්!

සංශෝදන සහිතව කඩිමුඩියේ ගෙන එන කෙටුම්පත අංගවිකල පනතක් විය හැකි වන නිසා රටේ නීතියේ රාමුවට යටත්ව අලුත් කෙටුම්පතක් ගෙන ඒම කාලෝචිතවනු ඇත! (යහපාලන ආන්ඩුවේ කෙටුම්පත හෝ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත්කල කෙටුම්පත පදනම් කරගත හැක/දෙකම බොහෝ දුරට සමානය) මෙම පනතේ අනෙකුත් විධි විධාන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු දෙවන වර කියවීමට වඩා පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ඡා කොට නව කෙටුම් පතක් ගෙන ඒම උචිත …

Continue Reading