තත්වය ඉතාම අවදානම්! වහාම දින 14ක් රට Lockdown කරන්න – GMOA රජයෙන් ඉල්ලයි (වීඩියෝ)
පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ඇඳන් ගණන වැඩි කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවය. පුහුණු සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමෙන් ආසාදිතයින් වාර්තා වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට ද …
Continue Reading
දප්පුල ලිවේරාගෙන් හිස් වන නීතිපති ධුරයට ජනපති නම් කළේ කවුද ?
ශ්‍රී ලංකාවේ මීලඟ නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදීය. මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය …
Continue Reading
ලෝක වෙළඳ පොළේ ‘ඉන්ධන මිල ඉහළට‘ – ආණ්ඩුව ගත්ත තීරණය කුමක්ද ?
2019 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අද (20) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 08 හි රැස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය යොමු විය. භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය …
Continue Reading
‘නිව්මෝනියා රෝගීන්ගේ’ විශාල ඉහළ යාමක් – ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා
කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ ඕනෑම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අනතුරු අගවයි. අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා මේ අනතුරු ඇගයීම කළේ “ කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩිවුවහොත් නිව්මෝනියා තත්ත්වය සහිත රෝගීන් ඉතා වැඩිවිය හැකියි. එමඟින් ඔක්සිජන් …
Continue Reading
සෞඛ්‍ය ලේකම්ගේ ‘මාධ්‍ය වාරණ නියෝගයට’ සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් දැඩි ප්‍රතිචාර
ඇත්ත පොල් කට්ටෙන් වහලා, කොරෝනා පාලනය කළ නොහැකි යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම සංගම මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කළ ලිපියකට පිළිතරු වශයෙනි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ. ‘‘ සෞඛ්‍ය ලේකම් වරයා සෞඛ්‍ය කාර්ය මණඩලයේ අදහස් …
Continue Reading
කොවිඩ් වසංගතයේ ඇත්තම තත්ත්වය ගැන සුදර්ශනීගෙන් සංවේදී ප්‍රකාශයක් !
කොවිඩ් -19 වසංගතයේ සැබෑ තත්ත්වය ගැන කොවිඩ් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් විශේෂ ආයාචනයක් කරනවා. “මේ වසංගතයේදී අපි දකිනවා සංකූලතා තිබෙන රෝගීන්ගේ වර්ධනයක්. රෝහල් පද්ධතියට ගියාම රෝහල්වල විශල තදබදයක් තියෙනවා. ඔකිසිජන් අවශ්‍යතාව දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාව දැඩිව දැනෙනනවා. ඊයෙත් 3500කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 3500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් පමණ සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් …
Continue Reading
චීනයට වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මත කර දෙයි
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතහි දෙවන වර කියවීම අද (20) පාර්ලිමේන්තුව දී වැඩි ඡන්ද 89 කින් සම්මත වුණා. මෙහිදී පක්ෂව ඡන්ද 148 ක් ද විපක්ෂව ඡන්ද 59 ක් ද හිමි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව මෙම කෙටුම්පත සම්බන්ධ සංශෝධන ද පනත් කෙටුම්පතට අන්තර්ගත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
Continue Reading
දක්ෂතාවයන්වලදී වැඩියෙන් මුදල් ගෙවන ‘අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව’
වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අත්සන් තැබීමට නියමිත නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පෙර වසරවලට සාපේක්ෂව ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය මත පදනම් වූ දිරිගැන්වීම් තුළින් වැඩි වාසි ලබා ගත හැකි වන පරිදි සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඉදිරි වසරක කාලයක් සඳහා අත්සන් තැබීමට නියමිත මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුව අද (19 දා) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් …
Continue Reading
කොවිඩ්-19 ආසාදිත මරණවල ඉහළ සංඛ්‍යාව වාර්තාවෙයි
2021 මැයි මස 06 සිට මැයි 19 වැනිදා දක්වා සිදුව ඇති කොවිඩ්-19 ආසාදිත මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 1051ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මරණකරුවන්ගේ සියලු විස්තර පහත දැක්වෙනවා.
Continue Reading
අද දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3591ක් !
කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස අද (19) වාර්තා වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින ප.ව 21.00 ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනක සදහන් වුණේ අද දින කොවිඩ් ආසාදිතයින් 3591 දෙනකු වාර්තා වූ බවයි.
Continue Reading