එක්ස්ප්‍රස් පර්ල් ගින්න: දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය. නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි අග්‍රාමාත්‍යවරයා සමුද්‍රීය …

Continue Reading

‘එකම නිදි යහන තිදෙනකු හා බෙදා ගන්නා විවෘත සබඳතා’

‘‘සබඳතා‘‘ යනු සෑම කෙනෙකුගේම තේ කෝප්පයක් නොවේ. අප නිසැකවම දන්නා එක් දෙයක් නම්, සබඳතා සම්බන්ධයෙන් ද සෑම කෙනෙකුටම ඔවුන්ගේ මනාපයන් ඇති බවයි. මේ අතර එක් ආකාරයක සම්බන්ධතාවයක් මෑතකදී, විශේෂයෙන් යොවුන් පරපුර අතර බොහෝ කතාබහට ලක්වෙමින් තිබේ. ඒ විවෘත සම්බන්ධතාවයයි – Open Relationship. විවෘත සබඳතා තරමක් අවුල් සහගත විය හැකි අතර ප්‍රශ්න රාශියක් ඇති විය හැකිය. නමුත් ඔබේ සහකරු මෙන්ම ඔබත් ඒ හරහා යාමට …

Continue Reading

ගර්භනී සමයේ ‘මානසික ආතතියට හේතු මොනවාද ?’ ඉන් ගැළවෙන්නේ කෙසේද ?

ගැබ් ගැනීම කාන්තාවකගේ ජීවිතයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු අවධියකි. කෙසේ වෙතත්, එය ද අභියෝගාත්මක විය හැකිය! ඔබ පිළිසිඳ ගත් පුවත ලැබීමෙන් පසු, ඔබට විවිධාකාර හැඟීම් අත්විඳිය හැකිය. ඔබට ආතතිය, කනස්සල්ල, ව්‍යාකූලත්වයක් දැනීමට පුළුවන. නමුත් මෙම හැඟීම් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයකි. මානසික ආතතිය යනු ගර්භණීභාවය වැනි ජීවිතයේ විශාල වෙනස්කම් වලට මුහුණ දෙන විට සිදුවන සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි. සමහර අවස්ථාවන්හිදී, මානසික ආතතිය මිනිසුන්ට යහපත් විය හැකි බැවින් නව ක්‍රියාමාර්ග …

Continue Reading

කුසල්ගෙන් නායකත්වයේ ඉනිමක් සහ දුෂ්මන්තගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්

කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‍තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරකයින් හමුවේ ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත් වූවේය. 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුපිරි ලීගය යටතේ තරග 6 කට ක්‍රීඩා …

Continue Reading

Parliament Hot Talk: ‘පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ උණුසුම් හා රසබර කතා’

ගතවූ සතිය තුළ කොවිඩ් 19 හේතුවෙන් සංචරණ සීමා පැනවීම, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවයට කැදවීම් සීමාකිරීම ඇතුළු අභියෝග මධ්‍යයේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුව දින තුනක් රැස්විය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත්වීමත්,  ඒඅනුව ඊට අදාළ විවාදය පැවැත්වීමත් නිසා බොහෝ දෙනාගේ අවධානය පාර්ලිමේන්තුව කෙරෙහි යොමුව තිබිණි. මෙම විවාදය නිසාම පාර්ලිමේන්තුව බොහෝ උද්යෝගීමත් සහ උණුසුම් විය. පසුගිය …

Continue Reading

කෘෂි නිෂ්පාදන වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ‘ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිති සහතිකය’ ලබාගැනිමට EDB මගින් ආධාර වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශිය කෘෂි නිෂ්පාදන වගාකරුවන් සහ සැකසුම් කරුවන්ට ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය (SLS 1324:2018) අනුව කාබනික සහතික ලබාගැනිමට ආධාර වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. SLS 1324:2018  කාබනික සහතිකකරණය සඳහා ප්‍ර‍තීතන මණ්ඩලයේ අනුමැතිය ලත් සහතිකකරණ ආයතනයක් මගින් කාබනික සහතිකය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනෙහි මූලික අරමුණු වන්නේ කුඩා ගොවීන් අතර ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය (SLS 1324:2018) …

Continue Reading

මහින්ද රාජපක්ෂට ‘වළ කපපු දේශාපලනඥයෝ’ ආයෙත් වැඩ පටන් අරන් – පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි

කොවිඩ්-19 වසංගතය සමස්ත රටම ආක්‍රමණය කර ජනජීවිතය සම්පූර්ණයෙන්ම අවුල්කර ජනතාව අතිෂය පීඩාවටත් අනාරක්ෂිතභාවයටත් පත්ව සිටින අවස්ථාවක එන්නත්කරණ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීම සහ ජන ජීවිතය යථා පරිදි පවත්වා ගෙන යාමට විධිමත් ක්‍රියාවලියක් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් සිංහල රාවය පක්ෂය දැඩි කණස්සල්ලටත් අපේක්ෂාභංගත්වයටත් පත්ව සිටින බව, සිංහල රාවය නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමියෝ පවසති. උන් වහන්සේ මේ බව පවසා සිටියේ අද (28) …

Continue Reading

සංචරණ සීමා අඛණ්ඩව

මේ වන විට රටපුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා අඛණ්ඩව 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මැයි 31 සහ ජූනි 04 වැනිදා එහි ලිහිල් කිරීමක් සිදු නොවන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින ප.ව 13.00ට නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එම නිල නිවේදනය පහත දැක්ව්.

Continue Reading

එන්නත් වැඩසටහනට ‘දේශපාලන ගොන්පාට් දැමූ’ මොරටුව නගරාධිපති රිමාන්ඩ් (වීඩියෝ)

ඊයේ (27) මොරටුවේ පැවැති Covid-19 එන්නත්කරණ කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී පොලිසියට භාර වූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජුනි 11 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත්  උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය. නිරෝධායන නීති  උල්ලංඝනය  කරමින්  රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන්  මොරටුව නගරාධිපති සමන්ලාල්   ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේදී (28)  අත්අඩංගුවට …

Continue Reading

පීඩාවට පත් වූවන්ගේ ණය සහන කාලය දීර්ඝ කරයි

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා දී ඇති ණය සහන කාල සීමාව දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි. ඊට අදාළ නියමයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභි සහ විශේෂිත බැංකු වෙත යොමු කර තිබේ. පසුගිය 15දා තෙක් නිකුත් කර ඇති ණය පහසුකම් අගෝස්තු 31 වැනිදා දක්වා නැවත සැකසීමට පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව …

Continue Reading