Covid-19: ගර්භනි මවුවරුන් ‘දැනගත යුතුම’ විශේෂඥ වෛද්‍ය උපදෙස්
ඔබ ගැබ්ගෙන සිටියදී කොවිඩ් ආසාදිතයෙකු වුවහොත් කුමක් කළ යුතු ද? COVID දරුවාට බලපාන්නේද? මෙම ප්‍රශ්නය බොහෝ ගර්භනී කාන්තාවන්ගේ මනසෙහි ඇති අතර, එය ඔවුන් තුළ නිමක් නැති අමතර ආතතියක් ඇති කරයි. මෙම වසංගත සමයේදී ගර්භනී ඔබ මුහුණ දී සිටින මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා අපට විශේෂඥයින් කිහිප දෙනෙකු ලැබුණි. වසංගතයේ තෙවැනි රැල්ල අප සියල්ලන්ම කම්පා කර තිබේ. එය මානසික ආතතිය හා චිත්තවේගීය …
Continue Reading
X-PRESS PEARL අලුත්ම තත්ත්වය කුමක්ද ? – කතා 05කින් දැන ගනිමු
කොළඹ වරායට ආසන්න මුහුදේදී විනාශයට පත් වූ X-PRESS PEARL නෞකාව ගැන මහජන උනන්දුව තව දුරටත් දැල්වෙන සිදුවීම් දිනපතා වාර්තා වෙනවා. ඒ එහි පරිසර විනාශයට අමතරව වන්දි ලබා ගැනීම සහ වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබාදීම ගැනයි. එසේම නෞකාව විනාශයෙන් වළක්වා ගැනීමට තිබූ අවස්ථාවන් පැහැර හැරීම ගැන ද වාර්තා වෙනවා. මේ අතර X-PRESS PEARL නෞකාවේ කන්ටේනර් බහාලුම් 1486ක් පැවැති බවත් ඒ අතර අන්තරායකාරී …
Continue Reading
ශ්‍රී ලංකාවෙන් කාබනික ගොවිතැනට පෙර ගමනක්
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත සහ දූරදර්ශීය. මෙය ලොව පුරා ඇති කෘෂි ත්‍රස්තවාදයට එරෙහිව ගත් නිර්භීත තීරණයකි. අනුරාධා යහම්පත් – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර පසුගිය යල කන්නයේ දී ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්තලේ ගොවිමහතෙකු මා අමතා ප්‍රකාශ කර සිටියේ කුඹුරු යායක්ම කීඩෑ උවදුර නිසා විනාශ වී ඇති බැවින් ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කරන …
Continue Reading
කොවිඩ් මරණ 48ක් – 16ක් නිවසේදී
පසුගිය මැයි 11 වැනිදා සිට ජූනි 03 වැනි දින දක්වා කාලය තුළ කොවිඩ්-19 මරණ 48ක් සිදු වූ සදහන් නිල වාර්තාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) ප.ව 21.30ට නිකුත් කළා. ඒ අනුව එදින කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නැති අතර මිය ගිය 48 දෙනාගෛන් 25 දෙනකු පුරුෂයින් වන අතර 25 දෙනෙක් කාන්තාවන් බව සදහන්. මෙම මියගිය පුද්ගලයින්ගෙන් 18 දෙනකු මිය …
Continue Reading
මෙතෙක් මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන 48ක් වෙද්දී, ආසාදිතයින් 3398ක්
අද (04) දින කොවිඩ්-19 ආසාදිතයින් 3398 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 199,242ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා …
Continue Reading
අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන දෙන්න – අගමැති
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය. ආපදා කළමනාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අග්‍රාමාත්‍යතුමා, විපතට පත්වූවන් මුදා ගැනීම හා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි පැවසීය. ඒ සඳහා …
Continue Reading
පසුගිය මැයි මාසයේදී ‘ආහාර මිල‘ 39.7%කින් ඉහළට
එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව දශකයකට පසුව ආහාර සදහා වන ඉහළම මිල ගණන් පසුගිය මැයි මාසයේ දී වාර්තා වී තිබේ. වාර්ෂික පදනමින් ආහාර මිල පසුගිය මැයි මාසයේදී 39.7% කින් ඉහළ ගොස් ඇති අතර එය 2010 ඔක්තෝම්බර් මාසයෙන් පසු වාර්තා වූ විශාලතම මිල ඉහළ යාම බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසන්නේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආහාර මිල දර්ශකය ලොව පුරා …
Continue Reading
“වස විස නැති මහපොළවක්” කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනුව ටොන් 1,200,000 වන ජාතික පොහොර අවශ්‍යතාවය රටතුලම නිෂ්පාදනය කළ යුතු අතර ඒ සඳහා මේ වනවිටත් …
Continue Reading
රනිල් – මංගල හවුලට අත් වුණ ඉරණම ගැන ‘අක්මීමණ දයාරතන හිමියෝ‘ ආණ්ඩුවට මතක් කරදෙති
ජන බලයෙන් පිරිහුණු පාලකයින් තම අවසාන කාලය පැමිණි විට සාංඝීක දේපොළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමිණෙනු ඇතැයි ජාතික ව්‍යාපාරය කිසිලෙසවත් අපේක්ෂා නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සිංහල රාවය පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති. උන්වහන්සේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 1500ක් වැය කොට කොළඹ ඩීඑස් සේනානායක විදුහලේ හා යාබද ශ්‍රී බෞද්ධාලෝක …
Continue Reading
ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි 05කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්
ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වූ බව එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා විසින් අද (04) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. රාජ්‍ය වෙබ් …
Continue Reading