තෙල් මිල වැඩිකිරීම: වගකීම භාර ගෙන ඉල්ලා අස්වන ලෙස ‘පොහොට්ටුව’ ඇමති ගම්මන්පිලට කියයි

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය …

Continue Reading

තෙල් මිල නැග්ග නිසා ‘බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනවල‘ මිලත් සංශෝධනයට සූදානම් !

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කරයි. අද (12) දින පැවැති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප්‍රියන්ජිත් මහතා මේ බව සදහන් කළේය. ‘ ඊයේ රාත්‍රියේ සිදු වුණ ඩීසල් මිල ඉහළ දැමීම අනුව බස් …

Continue Reading

Covid-19 පාලනයට GMOA වෙතින් බලධාරීන්ට නව යෝජනාවලියක්

කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (11) ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත යොමු කළ ලිපියක් මගින් මේ ඉල්ලීම කර ඇත. එම ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වාදී …

Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ ‘සැඟවීම වැළැක්වීමට‘ අති විශේෂ ගැසට් නිවේදනයක්

වී, සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු ගබඩා කිරීම සම්බන්ධයෙන් සියලු කරුණු දින හතක කාලයක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඊයේ (11) අංක 2231/23, 2231/24 හා 2231/25 යන අති විශේෂ ගැසට් පත්‍ර මගින් නියෝග කර තිබේ. එම අති විශේෂ ගැසට් පත්‍රයේ මෙසේ ද සදහන් වේ. සහල් නිෂ්පාදකයකු, වී …

Continue Reading

e-තක්සලාව හරහා Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවති …

Continue Reading

කටින් බතල කොළ හිටවන ඇමැතිවරු ආණ්ඩුවටයි රටටයි අවාසනාවක් – සිංහල රාවය

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී දේශපලනයෙන් අතුගා දැමූ ජාති …

Continue Reading

EU පාර්ලිමේන්තු යෝජනාව ශ්‍රී ලංකා ආර්ථිකයේ අවසන් හුස්ම පොද සිරකරනු ඇත !

ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත.  ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇත. මන්ත්‍රීවරුන් 705 ක් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩිම පිරිසක් ලංකාවට එරෙහිව යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව ලෙස ඊයේ ජීඑස්පී සහනය …

Continue Reading

Covid-19: තවත් මරණ 62ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 62ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ සමග කොවිඩ් ආසාදනයෙන්ම මෙරට මියගිය සමස්ත පිරිස 2073ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම නිල මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

Continue Reading

පොහොර අමාත්‍යවරයා කාබනික පොහොර නිෂ්පාදකයින් සොයයි..

ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කර ඇත. ඒ අනුව මෙම අමාත්‍යංශය වෙත කාබනික පොහොර නිෂ්පාදනය, සැපයුම හා නියාමනය සම්බන්ධව වගකීම් පැවරී …

Continue Reading

ජනතාව කබලෙන් ලිපට – සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළට

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ. ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. අමාත්‍යවරයා …

Continue Reading