නීතිය අනුව ‘බැසිල්ට‘ පාර්ලිමේන්තු යන්න බෑ ලු !
ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි. තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය. අනාගත ආයෝජනය චම්පික රණවක ය. නින්දිතම අවස්ථාව කරුණා ය. විහිළුව සරත් ෆොන්සේකා ය. …
Continue Reading
AL අසමතුන්ට ‘වෛද්‍ය පත්වීම් දෙනවා නම්‘ AL සමත් ‘රෝහල් කම්කරුවන්ට ද‘ වෛද්‍ය පත්වීම් ඕනෑ
උසස් පෙළ අසමත් අයට වෛද්‍ය පත්ව්ම් ලබාදිය හැකිනම් උසස් පෙළ සමත් රෝහල් උපස්ථායක වරුන් කම්කරු මහතුන් වෛද්‍යවරුන් ලෙස බඳවා ගත යුතු බව‘ මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන යුතුකම් කේන්ද්‍ර යේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කියන්නේ තමන්ගේ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට යන දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන්ගේ මෙම අනීතික ක්‍රියාවලට එරෙහිව ජනතාව පියවර ගත යුතු බවයි. එම …
Continue Reading
බිහිසුණුම කොරෝනා වෛරසය වන ‘ලැම්බඩා ප්‍රභේදයේ‘ අවධානම ලංකාවටත් !
වර්තමානයේ භාවිතා කරන කොවිඩ් එන්නත්වලට පවා ප්‍රතිචාර නොදක්වන කොරෝනා වයිරසයේ ලැම්බඩා ප්‍රභේදය (Lambda variant) රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති බැවින් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය. ලැම්බඩා සහ අනෙකුත් සියලුම කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම …
Continue Reading
15 හැවිරිදි දැරිය අපයෝජනය කළ නාවික හමුදා‘ලුතිනන් කමාන්ඩර්’ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්
අන්තර්ජාලය හරහා අලෙවි කළ බව කියන 15 හැවිරිදි දැරියක සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් පසු ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදුකළ බවට එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා කඳවුරේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජූලි 19 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. සැකකාර විශේෂඥ වෛද්‍යවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් තනතුර ද දරන …
Continue Reading
පොදු රැස්වීම් හා උද්ඝෝෂණ තහනම් !
මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානය අද (05) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ. පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මෙම ඉල්ලීම කර ඇතැයි ද එම නිරෝධායන …
Continue Reading
දේශපාලකයින්ට රට භාරදීලා විනාශ වුණා ඇති – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
දේශපාලකයින්ට රට භාරදී සිදුවෙන විනාශය දැන් අවසන් කළයුතුව ඇති බවත් ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය තමා කිසිසේත් අගය නොකරන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගුණවංශ හිමියෝ වැඩි දුරටත් කියා සිටියේ දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු බවයි. ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ. “ජාති වශයෙන් අපි බෙදිලා …
Continue Reading
බැසිල් රාජපක්ෂගේ නම මැතිවරණ කොමිෂමට – දිවුරුම් දීමත් තීන්දුයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (05) මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සදහා බැසිල් රාජපක්ෂ මහතා නම්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර …
Continue Reading
JVP නායකයාගෙන් ආණ්ඩුවට රතු එළියක්
“ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් …
Continue Reading
අසභ්‍ය වෙබ් අඩවි ගැන අධිකරණයෙන් ඉල්ලීමක්
අවම වශයෙන් පාසල් ආරම්භ වන තුරුවත් ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කොළඹ අතිරේක මහෛ්ස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය. වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව ද අබේවික්‍රම මහත්මිය …
Continue Reading
ඉක්මනින් රට විවෘත නොකළොත් ‘ආර්ථිකය‘ ඉදිරියට ගෙනයා නොහැකියි – ජනපති
ඉක්මනින් රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එන්නත් මිලියන 9ක් මේ මාසයේ රටට ලැබෙන බවත් මේ තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි බවත් ජනපතිවරයා පැවසීය. ලොව පුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබේ. …
Continue Reading