ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් සඳහා විශේෂ හින්දි භාෂා පාඨමාලාවක්

පසුගිය 10 වැනිදාට යෙදුනු ලෝක හින්දි දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා ‘හින්දි ප්‍රවීණතා පාඨමාලාවක්’ දියත් කරන ලදී. මෙම උත්සවය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ (SVCC) පැවැත්විණ. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් බැවසුයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවාවන්හි නිලධාරීන් 70 දෙනෙකු ඊට …

Continue Reading

අධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන 14වැනිදා

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ  අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වේ. ජාතික හා …

Continue Reading

2025 දී රබර් නිෂ්පාදන අපනයනය ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට EDB සැලසුම්

2021 වසරේ රබර් නිෂ්පාදන අංශයෙන් ශ්‍රී ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ආදායමක් ලබා ඇති අතර එය 2025 වන විට ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අදහස් කරයි.මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රබර් ආශ්‍රිත නිෂ්පාදන සමාගම් සඳහා හොරණ ප්‍රදේශයේ යෝජිත කර්මාන්ත කලාපය ඉක්මනින් යථාර්ථයක් වනු ඇතැයි EDB අපේක්ෂා කරයි. පසුගිය වසර කිහිපය තුළ …

Continue Reading

තනි ඇහැට අඩන්න හිතෙන ‘කුණු ළුෑණු ජාවාරමේ අලුත්ම කතාව‘

ඉන්දියාවේ සිට මෙරටටට ගෙන්වූ ලොකු ළූණු කිලෝ 5000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සූදානම් කිරීමේ අරුම පුදුම පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හුදෙකලා ගබඩාවකින් ඊයේ වාර්තා විය. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජනාවාස වලින් තොර ස්ථානයක පවත්වාගෙන යන මහා පරිමාණ ගබඩා සංකීර්ණයක විදේශ රට වලින් ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළුණු  තොගයක් කාන්තාවන්  යොදා හොඳ ළුණු වලට කලවම් කොට වෙඳපොළ යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන …

Continue Reading

ජාතික ගොවි සමුළුවෙන් රජයට යෝජනා 07ක්

මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බව පසුගියදා (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති  ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ.  දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුළු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව  ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න මහතා …

Continue Reading

මෛත්‍රී ආණ්ඩුවට ‘රිදෙන්න දෙන ගමන් හෙළි කළ විශේෂ රහස‘

ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගෙන වත්මන් ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම කිසිවකුට සිතීම යථාර්ථවාදී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ආණ්ඩුව විවේචනය කරන සහ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින හිටපු ජනපතිවරයා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසීය. “අපේ පක්ෂය රට පුරා සිටින අපගේ නියෝජිතයින් දැනුවත් කිරීමට පටන් ගෙන තිබෙනවා. …

Continue Reading

ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ විශේෂ හෙළිදරව්ව‘

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ප්‍රබල තීරණයක් බවත් එහෙත් විෂය භාර නිලධාරීන් එය සාර්ථකව ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2019 ජනාධිපති ධුරයට පත් වූ වහාම රසායනික නොවන පොහොරවලට මාරුවීමට තීරණය කළ බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළ නමුත් …

Continue Reading

‘විදුලිය කපන හැටි‘ ලංවිම නිල වශයෙන් කියයි

විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (10) පස්වරුවේ ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. එම වාර්තාවේ මෙසේ සදහන් වේ. පස්වරු 5.30 – 6.30 ත් අත පස්වරු 6.30 – 7.30 අතර පස්වරු 7.30 – 8.30ත් අතර සහ පස්වරු 8.30 – 9.30ත් අතර වශයෙන්  කලාප හතරට විදුලි කප්පාදු කරන …

Continue Reading

ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක්

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිල දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කුමුදේශ් මහතා, ‘ සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සඳහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ …

Continue Reading

විදුලි කප්පාදුව ගැන ජනපති සහ විදුලි ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය …

Continue Reading