ජෝසෆ් ස්ටාලින් අද අධිකරණයට

අත්අඩංගුවට ගනු ලැබු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (04) කොටුව මහෙස්ත්‍රාත් අ‍ධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Continue Reading

මහ රැජන ජනපතිට සුබ පතයි

එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ. “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුර කාලය තුළ අප දෙරට අතර උණුසුම් මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට …

Continue Reading

කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමඟ පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේ පැවැති විරෝධතාවය අතරතුර පොලිස් ත්‍රිරෝද රථයක තිබී අතුරුදන් වූ ජීව කඳුළු ගෑස් උණ්ඩවලින් දෙකක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (02) උදෑසන කාලයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි අරුණෝදය මාවත, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් …

Continue Reading

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මාසයක් තුළ එම යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එසේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Continue Reading

මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. වත්මන් ආර්ථික …

Continue Reading

ගෝඨාට ආරක්ෂාවදීම රජයේ වගකීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය. ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් …

Continue Reading

ජනපති කාර්යාලයට මුලින්ම පැන්න අරගලකරුවා අල්ලයි

අරගල කරුවන් විසින් ඉකුත්  ජූලි මස 09 දින  කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින්  එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට  එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා ඊයේ පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මුලින්ම ඇතුළු වූ මෙම පුද්ගලයා වැලැක්වීමට එහි සිටි නිලධාරීන් උත්සාහ ගත් අවස්ථාවේ සැකකරු පිහියක් පෙන්වා තමාට ඇතුළුවීමට නොදෙන්නේ නම් …

Continue Reading

නීති විරෝධී මාර්ග ඔස්සේ විදෙස් ගතවීමට උත්සාහ කළ 47 ක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට යෑමට සුදානම්ව සිටි පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (01) අලුයම සිදුකළ වැටලීමක දි වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී 39 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවයි සඳහන් වන්නේ. ඔවුන් …

Continue Reading

ධානිෂ් අලී රිමාන්ඩ් කිරිමට නියෝග

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීකයෙකු වූ ධානිෂ් අලී ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව එදිනට සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙන්නේ. රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

Continue Reading

තෙල්මිල පොඩ්ඩක් පහළට

ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ. බොහෝ දුරට අද(1) මධ්‍යම රාත්‍රියේ සිට එම අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇත. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව …

Continue Reading