නීති විරෝධී මාර්ග ඔස්සේ විදෙස් ගතවීමට උත්සාහ කළ 47 ක් අත්අඩංගුවට

Spread the love

නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට යෑමට සුදානම්ව සිටි පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (01) අලුයම සිදුකළ වැටලීමක දි වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී 39 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවයි සඳහන් වන්නේ.

ඔවුන් මඩකලපුව, හලාවත, මාරවිල, ත්‍රිකුණමලය සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts