ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ ජනපති ගැන දුන් ‘සහතිකය‘

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම …

Continue Reading

තරුණයන් පැහැරගැනීමේ චෝදනාවට හිරුණිකාට වසර තුනක සිරදඬුවමක්

ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය වී වසර තුනක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක සිර දඬුවමක් නියම කළේ එම වරදවල බරපතළකම සැලකිල්ලට ගෙනය.

Continue Reading

මහින්ද චීනයේ නිල සංචාරයක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (27) පෙරවරුවේ චීනයට පිටත්ව ගිය අතර, එහි රැඳී සිටින කාලය තුළ චීන අග්‍රාමාත්‍ය ලී චියැං සහ විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව  වාර්තා වේ.  බීජිං හි පැවැත්වෙන සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවවලට සහභාගි වන ලෙස අමාත්‍ය වැන්ග් යීගේ ආරාධනයකට අනුව …

Continue Reading

ජූලි 02 දා විශේෂ පාර්ලිමේන්තු රස්වීමක්

2024 ජුලි 02 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු විශේෂ රැස්වීමට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුම් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.  

Continue Reading

SJB 20ක් රාජිත එක්ක පිම්මකට සූදානම්

වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බව හිටපු ඇමැති රාජිත සේනාරත්න පවසයි. ඔහු පවසන්නේ මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට තමා සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බවයි. ‘මට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව තිබෙන්නේ මේ පිරිසට. ඔවුන්ව ආණ්ඩුවට සම්බන්ධ කරන්න තමයි මම ජනපතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ‘  

Continue Reading

නීතිපතිවරයාගේ සේවා දිගුව යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ප්‍රතික්ෂේප කර තිබේ. පසුගියදා පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් පස් දෙනෙකු දීර්ඝ කිරීමට විරුද්ධ වූ අතර තිදෙනෙකු ඊට සහාය පළ කළේය. රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම සභාව විසින් ප්‍රතික්ෂේප කළ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු ප්‍රතික්ෂේප කිරීම ජුනි මාසයේදී …

Continue Reading

Full Story: ජනපති ජාතිය අමතා හෙළි කළ ‘සුබ ආරංචිය‘ මෙන්න !

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රටට ආදරය කරන සියලුදෙනා ලැබු සුබ ආරංචියක් ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී මම වෙහෙසෙන්නේ රට වෙනුවෙන්. ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙනාවා. හුණුවටයේ කතාවේ මෙන්ම දරුවා රැක ගන්න කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. නිවරැදි තීරණය …

Continue Reading

ගුරු-විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ ගැන අලුත්ම තීන්දුව

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සිය අසනීප නිවාඩු ව්‍යාපාරය හෙට (27) දෙවන දිනටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ත්‍රස්ත සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු විශාල පිරිසක් තම ඉල්ලීම්වලට සහය පළ කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානයට රැස්ව සිටින අතර, අද පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක වූ …

Continue Reading

තරුණයින්ගෙන් ජනපතිට දැවැන්ත ප්‍රශ්න පත්‍රයක්

තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතු බවත්, එහිදී තරුණ පරපුරට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (25) අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ජාතික …

Continue Reading

උරුමය ඔප්පු ලබාදීම කඩාකප්පල් කරන නිලධාරීන්ට වැඩ වරදීවිද ?

තම උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ- ජනපති. උරුමය වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවන රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් පැසසුම්. උරුමය වැඩසටහන සමඟ පක්ෂ බේදයෙන් තොරව එක්වන ලෙස ජනපති සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලයි. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා …

Continue Reading