Weekly Political Review: බැහැයි කියලා දෙයක් නෑ. මේක හොද ටර්නින් පොයින්ට් එකක්

අත්‍යවශ්‍ය සේවා සැපයීම පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිවයිනේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කොළඹට කැදවා තිබිණි. ඒ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව ගෙන ඇති වැඩ පිළිවෙල ගැන ඔවුන් දැනුවත් කිරීම සදහා. මේ හමුවට ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන ජයරත්න ඇතුළු මැති ඇමතිවරු කීප දෙනෙකුම එක්ව සිටියේ බැසිල්ගේ …

Continue Reading

ආණ්ඩුවේ රෙදි ගළවමින් විජිත හේරත් ‘ආර්ථිකයේ ඇත්ත කතාව’ හෙළි කරයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (15) දින බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහභාගී වුණා. එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා විසින් දැක්වූ සියලුම අදහස් පාඨක ඔබට නිවැරදි – සමබර – නිරවුල් – විශ්වාසනීය පුවත් දැන ගැනීම සදහා සංස්කරණයකින් තොරව මෙහි පළ වෙනවා. මාර්තු මාසයේ 02වැනිදා විසුරුවා හැරි …

Continue Reading

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරනවා – මනුෂ නානායක්කාර

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩුවම් කරන බවත්, රාජපක්ෂ කදවුරේ අයෙක්ට ඇප ලැබුණ විට එක් ආකාරයකටත්, විපක්ෂයේ අයෙක්ට ඇප ලැබුණ විට තවත් ආකාරයකටත් කටයුතු කරන බවත්  ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ අපේක්ෂක මනුෂ නානායක්කාර පැවුසවේය. සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී පැවති අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ …

Continue Reading

ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇමරිකානු පුරවැසියෙක් ලෙසද ? – මනුෂ නානායක්කාර

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවී තිබුනේදැයි ප්‍රශ්ණ කරන බවත්, ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාල නොවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන සටහන 2019 වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වූ නිවේදනයට ඇතුළත් නොවූයේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවද ඔහු ප්‍රවෘත්ති …

Continue Reading

මැ.කො. සභාවේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ විශ්වාසය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 79 වන රැස්වීම අද (11) පස්වරුවේ එහි සභාපති ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් මහතා, මහින්ද සමරසිංහ මහතා, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් …

Continue Reading

මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය මැයි 18-19 දිනවල

පාර්ලිමේන්තු මහ මැතිවරණය  ජූනි මස 20 වැනිදා  පැවැත්වීමට එරෙහිව පාර්ශ්ව 7ක් විසින් ගොනු  කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ලබන 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජයන්ත  ජයසූරිය, එස්. තුරෙයිරාජා මහතා  සහ මුර්දු ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් ගෙන් යුතු  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ  මෙම මූලික අයතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදුවිය. අද දින …

Continue Reading

රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමට රජයට කිසිදු සූදානමක් නෑ – ඇමති ප්‍රසන්න

රාජ්‍ය සේවක වැටුප් හෝ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට වත්මන් රජය කිසිදු සූදානමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බලය සිටියේදී  රාජ්‍ය සේවය  කප්පාදු කිරීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයත්, 88 89 භීෂණ සමයේදී  රැකියාවට ගිය රජයේ සේවකයන් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් …

Continue Reading

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කෙලින් කියයි

විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද? මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ වර්ෂයට මුදල් අනුමත කරගත්තේ නෑ, නමුත් අතුරු සම්මත ගිණුමක් මගින් පහුගිය පාර්ලිමේන්තුවෙන් මේ අප්‍රේල් මාසයේ 30 වැනිදා වන තෙක් මුදල් …

Continue Reading

අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතුයි – මංගල PBට අවධාරණය කරයි

2020 අප්‍රේල් 28 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද මාගේ ලිපියට එවන ලද  ඔබගේ පිළිතුර සම්බන්ධයෙනි. පසුගිය අප්‍රේල් 28 වන දින ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට යොමු කරන ලද පිළිතුරු ලිපියට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (5) පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා. 2020.05.05 …

Continue Reading

අගමැති මහින්දගේ තේ මේසේ සාකච්ඡාව වර්ජනය කිරීමට එජාපය තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ. කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් …

Continue Reading