ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ඉල්ලයි

ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනාවක් ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන …

Continue Reading

ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ‍පෙරවරු 11.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපසදී පිළිගෙන සභා ගර්භය වෙත කැඳවාගෙන එන ලද්දේ ගරු සභානායක සහ විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ  ඉන්දික අනුරුද්ද යන මහත්වරුන් විසිනි. අනතුරුව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකොටගෙන ජනාධිපතිවරයා සභා ගර්භය වෙත …

Continue Reading

ආණ්ඩුවේ මේ යන ගමන ගියොත් එජාපයට අත්වුණ ඉරණමම අත්වේවි – විදුර වික්‍රමනායක

ආණ්ඩුව මේ යන ගමන මේ ආකාරයට දිගටම ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ පොහොට්ටු පක්ෂයටත් සිදුවන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සඳහන් කරයි. වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ පසුගිය 31 වනදා බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි. “ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට අති මහත් …

Continue Reading

රිෂාඩ් බදූර්දීන් සහ Political Hub

මේ දිනවල කතා බහට ලක්වන ළමා අපචාර සිද්ධියට  රිෂාඩ් බදූර්දීන් පවුලම කොටු කර හමාරය. එහෙත් පරීක්‍ෂණ අවසන්ව නැත. 2001 වසරේ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ රිෂාඩ් බදුර්දීන් මේ ගෙවන්නේ සිය  දේශපාලන ජීවිතයේ 20 වෙනි වසරය. එයින් වැඩි කාලයක් ඔහු පයිරුපාසනය කර ඇත්තේ මැදමුලන රාජපක්‍ෂලා ය. 1972 නොවැම්බර් මස 27 වෙනි දින උපන් රිෂාඩ් බදූර්දීන් වෘත්තියෙන්  ඉංජිනේරු වරයෙකි. දේශපාලනයට නොපැමිණියද, රිෂාඩ් …

Continue Reading

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව

ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සමග අද (27) පැවති සාකච්ඡාවද අවසන් වූයේ විසඳුමකින් තොරව බැවින් මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරනවා. අද පැවැති සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති බව පවසන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් …

Continue Reading

සේනාධිපතිට – ප්‍රනාන්දුට එරෙහි ලක්ෂ 355ක නඩුව අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්කරගනියි

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවෙන් නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) …

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තමන්ගේ තරම දැනගත යුතුයි – පොහොට්ටු මහ ලේකම්

මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන්ට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සාගර කාරියවසම් මහතා පවසනවා. සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු …

Continue Reading

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ‘මිලිටරිකරණයේ තවත් ඉදිරි පියවරක්‘ – චම්පික රණවක

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරීම බවත් එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බවත්‘ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු නියෝජිත පිරිසක් සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, …

Continue Reading

චම්පික ගේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත මැතිසබයට

නීති ප්‍රතිසංස්කරණය ජාතික ව්‍යාපාරය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධ නව පනත් කෙටුම්පත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය 2021.07.12 වන දින ගැසට් පත්‍රයේ පළ කර තිබේ.  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත ලබා දුන් අධිකරණ තීන්දුව පිළිබඳව විවිධ පාර්ශවයන් අදහස් දක්වද්දී ඒ පිළිබඳව …

Continue Reading

ජයන්ත කැටගොඩ ආණ්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස පත්කිරීමේ යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ජයන්ත කැටගොඩ ප්‍රකාශ කර ඇත්තේ ‘‘මම ඒ ඉල්ලීම ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කළ‘ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට අවස්ථාව ලබාදීම සදහා ඉල්ලා අස්වූවේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් …

Continue Reading