ජයන්ත කැටගොඩ ආණ්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා

Spread the love

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස පත්කිරීමේ යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ජයන්ත කැටගොඩ ප්‍රකාශ කර ඇත්තේ ‘‘මම ඒ ඉල්ලීම ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කළ‘ බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට අවස්ථාව ලබාදීම සදහා ඉල්ලා අස්වූවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමාට ජනාධිපති, අගමැති සහ නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් යෝජනා ගණනාවක් ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, තමා එම යෝජනා ප්‍රතික්ෂේප කළ බවත්, බැසිල් රාජපක්ෂට සහාය දෙමින් සිය දේශපාලන ගමන දිගටම කරගෙන යන බවත් ඔහු පැවසුවේය.

“මම ඉල්ලා අස්වීමට හේතුව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව ලබා දීමයි. මම ආපසු කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ අරමුණ වුණේ රට වෙනුවෙන් හරි දේ කිරීම මිස පුද්ගලික වාසි ලබා ගැනීම නොවෙයි‘‘ ඔහු පැවසුවේය.

Related Posts