මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

පාර්ලිමේන්තුවේදී අද (07) විවාදයට ගැනුණු මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ‍ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර මේ අනුව ඊට පක්ෂව ඡන්ද 134 ක්ද විපක්ෂව ඡන්ද 44 ක්ද හිමිවිය. මේ අතර අද විවාදයට ගැනුණු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත …

Continue Reading

හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව 132යි – විපක්ෂව 51යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වැනිදා පනවන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන  හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය වැඩි ජන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය. ඊට පක්ෂව ජන්ද 132 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ජන්ද සංඛ්‍යාව 51 කි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයන් හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.

Continue Reading

‘දිව්‍ය ලෝකය සහ එජාප 75 වන සංවත්සරය

එක්සත් ජාතික පක්ෂය ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යනවා‘ යැයි කියන මිනිසුන්ගේ පක්ෂය යි. මැරෙනකල්ම ඉදලා දිව්‍ය ලෝකයේ යනවා මිස, අද ම මැරිලා දිව්‍ය ලෝකයේ යන්නට කාටවත් හිතෙන්නේ නැත. ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යන මිනිසුන්ගේ‘ පක්ෂයට දැන් වසර 75 කි. 1946 වසරේ නිදහසේ අරුණළු දකිමින් සිටි රටට, සිංහල-දෙමළ-මුස්ලිම් සෑම ජන කොටසකගේම ‘එක්සත් – ජාතික‘ සිහිනය ‘යුනයිටඩ් නැෂනල් පාටි‘ හෙවත් ‘අයික්කීය තේෂීය …

Continue Reading

දිනමිණ මුල් පුවත රට හොල්ලයි – ජවිපෙන් දැඩි ප්‍රකාශයක්

සීනි වෙනුවෙන් අය කළ බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට දළ වශයෙන් රුපියල් කෝටි 3,500ක පමණ බදු ආදායමක් අහිමි කර ගනිමින් ආණ්ඩුවට සමීප ව්‍යාපාරිකයන් හට රුපියල් කෝටි 6,000ක පමණ අසීමිත ලාභ ඉපයීමේ අවස්ථාව සලසා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ හෙළි කරයි. අද (03) එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙයට අදාළ තොරතුරු රැසක් …

Continue Reading

අප ඉදිරිපත් කරන ප්‍රශ්න 10ට ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය රටට ඉදිරිපත් කළ යුතුයි -ජවිපෙ

කොවිඩ් වසංගතය නිසා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඍජුව ප්‍රශ්න 10ක් ඉදිරපත් කරනු ලැබීය. එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (01) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ප්‍රශ්න ආණ්ඩුවට යොමු කරනු ලැබීය. එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් පහත පළ වේ. “ශ්‍රී ලංකාව තුළ මතු වූ කොවිඞ් රැලි …

Continue Reading

ශ්‍රීලනිපයෙන් නව දේශපාලන සන්ධානයක්..!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණයකර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා සියලු ප්‍රගතිශිලි දේශපාලන බලවේග සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය. “අපි තීරණය කරනු ලැබුවා පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය මොන වගේද, විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කොහොමද, …

Continue Reading

ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කරමින් ගජමිතුරු මාෆියාවට සහන දෙනවා

කොරෝනා වසංගත තත්වය නොසලකා, දුප්පත් ජනතාවට ලබා දෙමින් තිබෙන සහන කපා දමමින් ගජ මිතුරු මාෆියාව සතුටු කිරීමට කටයුතු කිරීම නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. අද (29) උදෑසන අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික සුනිත් හඳුන්නෙත්ති මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මේ මොහොතේ සහන ලැබිය යුතුම ජනතාවට සහන ලබා දෙන ලෙස ආණ්ඩුවට …

Continue Reading

ඛේමාගේ කොලුවත් ගිය වගයි !

මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වන සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූයේ 1989 පෙබරවාරි 15 වන දින පැවති මහ මැතිවරණයෙනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයෙකු වශයෙනි. කලින් විදේශ කටයුතු ඇමතිවරයා වූ “ඛේමාගේ …

Continue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා  අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බවයි පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේ. පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ …

Continue Reading

ත්‍රස්තයින්ගේ සිරදඬුවම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි. හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්ව‍යෙන් යුත්  මෙම උපදේශක මණ්ඩලයේ  සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර සිටිති. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් …

Continue Reading