එක රටක්, එක නීතියක් සඳහා මහජන අදහස් විමසීම අරඹයි

“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20 ) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ. අද (21) යාපනය වාලම්පුරි ශාලාවේ දී අදහස් විමසීම සිදු විය. නීතිඥයන්, වෘත්තිකයන්, ආගමික නායකයන්, ශිෂ්‍යයන් සහ සිවිල් ජනතාව නීතිය සමානව ක්‍රියාත්මක නොවීමට අදාළව විවිධ පැතිකඩ ඔස්සේ කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දක්වනු ලැබීය.  හෙට (22) මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලදී ජනතාව හමු වන …

Continue Reading

‘අපේ කරමතින් ගිහින් ඒ අයට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ‘

පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවති සාකච්ජාවකදී, එම මන්ත්‍රීවරුන් ඉදිරි අයවැයවලදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු …

Continue Reading

රට ගොඩගන්න නම් ආණ්ඩුව ගංජා වැවිය යුතුයි – ඩයනා ගමගේ ආණ්ඩුව කියයි

විදේශ විනිමය උපයන ව්‍යාපාරයක් බව පවසමින් ගංජා නීතිගත කර රාජ්‍ය අනුග්‍රහය මත වගා කරන ලෙස රජයට සහාය දක්වන සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද (16) රජයට යෝජනා කළා. චීනය සහ කෙන්යාව වැනි අනෙකුත් රටවල් තේ වගා කිරීම ආරම්භ කර වෙළඳපළ කොටසෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන ඇති බැවින් තේ වාණිජ වගාවක් ලෙස තවදුරටත් වගා කළ නොහැකි …

Continue Reading

‘අපේ ආණ්ඩුවේ වාසගමට තනතුරු නෑ‘ – සජිත් ප්‍රේමදාස

“ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ. ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරනවා.” යැයි අද (16)  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය. වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ …

Continue Reading

සජබ උද්ඝෝෂණයට වාරණ නියෝග ඉල්ලූ කොළඹ පොලිසි 18ක ඉල්ලීම ඉවතට

ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගි ජන බලවේගය විසින් හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විය. බ්ලූමැන්ඩල්, …

Continue Reading

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා ඔක්තෝබර් මස 06 වන …

Continue Reading

ජනපති හමුවෙන් පසු අලි සබ්රිගේ නාඩගමත් ඉවරයි

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා විසින් පිළිනොගත් බව වාර්තා වේ. ඒ ජනපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවය. එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට  විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වන බව  දැනුම්දෙමින්  ඊට අදාළ අස්වීමේ …

Continue Reading

ඥානසාර හිමියන් ජනතාවගෙන් කළ කාරුණික ඉල්ලීම

මාස හතරකින් ප්‍රතිපල පෙන්වන තුරු විවේචන නොකර බලා සිටින්නැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකයේ සභාපති , පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. අතීතය අමතක කරන ලෙසත්, පරිණත වයසක සිටින තමන් තැන්පත් ගමනකට සුදානම් වන අතර, ඊට දොස් නොපවරණ ලෙසත් උන්වහන්සේ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසූහ. ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු, ’69 ලක්ෂය’, …

Continue Reading

‘ගෝඨාභය රාජපක්ෂ පඹයෙක්‘ – ඩිව් ගුණසේකර කියයි

“දැන්නම් මගේ නිගමනය මේ ගෝඨාභය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා” යැයි වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්. ගුණසේකර මහතා සඳහන් කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (03) කොළඹදී පැවති සාකච්ඡා සභාවක් අමතමිණි. මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ගුණසේකර මහතා‘‘නිදහසින් පස්සේ මහ ඔළමොට්ටල කැබිනට් එකක් තමයි මේකෙ තියෙන්නේ. හරක් රැලක් …

Continue Reading

මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගහන්න – විජිත හේරත්

“දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ …

Continue Reading