සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා අද සියලුම පක්ෂවලට ලබාදෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලූ පක්ෂවලට අද (08) දිනයේ ලබාදීමට නියමිතව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේග සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ මෙම සතියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ වන විටත සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 …

Continue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන හෙට ජනපති හා ජවිපෙ අතර සාකච්ඡාවක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) හමුවන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඒ අනුව අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විටත් පොදුජන පෙරමුණ සමඟ ආණ්ඩුවක් පිහිටුවා අවසන් බවයි. ආණ්ඩුවක් නිර්මාණය කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා …

Continue Reading

අන්තර්කාලීන අයවැය සැප්තැම්බර් පළමු සතියේ පාර්ලිමේන්තුවට

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව එමගින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සමග අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති …

Continue Reading

ජනපති හා සජිත් අතර හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිතයි. සර්ව පාක්ෂික ආණ්ඩුව, පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ඇතුළු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක සඳහන් කළේ.

Continue Reading

ජනපති කතාව මධ්‍යස්ථයි

ජනාධිපතිවරයකු කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය රාජාසන කතාවෙන් කළත් අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය. රටේම තිබෙන ප්‍රශ්න පිළිබඳව එම රාජාසන කතාවේ අවධානය යොමුකර තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ‍ය එමෙන්ම මෙය තවත් එක් රාජාසන කතාවක් පමණක් …

Continue Reading

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව පළමුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන පළමුවෙන් පැමිණි අතර දෙවනුව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 03 වැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා.

Continue Reading

ජනපති පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වයි

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයින් පළමු සාකච්ඡා වටයට එක්වී ඇති අතර …

Continue Reading

පාර්ලිමේන්තුව විවෘත කිරීමට සියල්ල සූදානම්

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. මේ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් සූදානම් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් ආචාර වෙඩිමුර සහ පෙළපාළි කිසිවක් ඊට මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. …

Continue Reading

දේවාන්නදාගෙන් යෝජනා 10ක්

ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබු ලිපියට පිළිතුරු යවමින් අමාත්‍යවරයා මෙම …

Continue Reading

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි

ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබූ බව කී වෙල්ගම මහතා තමන් ඊයේ (1) ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද සඳහන් කළේය.

Continue Reading