ජනපති පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වයි

Spread the love

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයින් පළමු සාකච්ඡා වටයට එක්වී ඇති අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පවත්වා තිබෙනවා.

තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පවත්වා ඇති අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී ඇති අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts