දේශපාලන සිරකරුවන් 46කට කඩිනමින් නිදහස

සුළු සුළු වැරදිවලට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීම සඳහා වන මුලික වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත පවසා ඇත. මෙම සිරකරුවන් සම්බන්ධයෙන් හිටපු අග විනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවත් අමාත්‍යවරයා තමාට පැවසු බවද විග්නේෂ්වරන් මහතා සදහන් …

Continue Reading

රංජන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළ අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශය ජනපතිට යොමු කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස්ද ලබාගත් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ් අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව කොන්දේසියකට යටත්ව ජනාධිපති සමාව ලබාදීම සඳහා නිර්දේශයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති …

Continue Reading

ස්වාධීන වූ පක්ෂ 10න් සෑදෙන නව සන්ධානයේ නම 21 වනදා එළිදකී

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහයේ එකතුවෙන් සෑදෙන නව සන්ධානයේ නම ලබන 21 වනදා එළිදැක්වන බව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පවසනවා. එම පක්ෂ 10 නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්දයෙන් එම සාකච්ඡාවේදී අවදානය යොමු කළ බවයි වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

22 අද මැති සබයට

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. ඒ පිළිබඳ විවාදය පසුව පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාද යයි.

Continue Reading

විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

විදුලි ගාස්තු සංශෝධනය අද (09) දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ. මෙම සංශෝධනයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවන අතර අඩු ආදායම්ලාභීන් සඳහා විදුලි බිලට සහනයක් ලබාදීමට සැලසුම්කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

Continue Reading

අද රට පුරා උද්ඝෝෂණ මාලාවක්

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද (09) කොළඹ නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. වත්මන් පාලන තන්ත්‍රයට සහ අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට එරෙහිව විරෝධය පළ කරමින් අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි. මෙයට සමගාමීව දිවයිනේ ප්‍රධාන නගරවලද විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

Continue Reading

අයවැය සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද (09) ආරම්භවීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එසේම අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

අද පැවැත්වෙන විරෝධතාවකට එරෙහිව පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අද (අගෝස්තු09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුව එක්ව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර එයට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. කෙසේ නමුත් එම විරෝධතාවලදී යම් …

Continue Reading

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද සවස

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව  මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Continue Reading

දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා ප්‍රකාශ කළේ.

Continue Reading