PTA භාවිතය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ අනුව එවැනි තත්ත්වයක් තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම නවත්වන ලෙස මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Continue Reading

22 වන සංශෝධනට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක, එච්.ඩී.ජේ.කුලතුංග, බී.පී.දහනායක ඇතුළු 9 දෙනෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට …

Continue Reading

වත්මන් ආණ්ඩුවට ඇත්තේ කල් ඉකුත් වූ ජනවරමක් – චරිත හේරත්

වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල නොවන සහ කල් ඉකුත් වූ ජනවරමක් ඇති ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන දෙකක් නමුත්, එවැනි ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා නීත්‍යානුකූල රජයක් තිබීම මූලික අවශ්‍යතාවයක් බවත්, පවතින ආණ්ඩු සැලැස්ම තුළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියහැකි යැයි සිතිය නොහැකි බවත් Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙනවා. …

Continue Reading

අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි

සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමා කියන දේ සහ ක්‍රියාවට නංවන දේ අතර  බරපතළ පරස්පරයක් තිබෙන බව යළිත් වතාවක් තහවුරු කොට හැබැයි මේ තුළින් තහවුරු වන බවත් මහලේකම්වරයා නිවේදනයක් …

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ අරගලයේ ජන බලය රැළිය ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ‘අරගලයේ ජන බලය’ මහජන රැළිය මේ විට ආරම්භ වී තිබෙනවා. නුගේගොඩ දී මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති අතර මහජන පා ගමන මේ වන විට විජේරාම ප්‍රදේශයෙන් ආරම්භ වී ඇති බව එසැණ වාර්තාකරු පවසා සිටියා. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටිනවා.

Continue Reading

ඩලස්ලාගේ ගමන අපුරෙන් අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ සඳහා එම මන්ත්‍රී කණ්ඩායම ඊයේ (19)පස්වරුවේ අනුරාධපුරය බලා පිටත්ව ගිය අතර,ඔවුන් සති අන්තයේ අනුරාධපුරයේ රැදී සිටිනු ඇතැයි දැනගන්නට තිබේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැදපුදාගෙන, ප්‍රදේශයේ විහාරස්ථානවල මහා සංඝරත්නයද බැහැ දැක ආශිර්වාද ලබා …

Continue Reading

හිරුණිකා සී.අයි.ඩියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ පස්වරුවේ කළ දැණුම් දීමකට අනුව මෙම ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ප්‍රකාශය ලබාදීමට යාමට  පෙර අද දින කැඳවීම සිදුකර ඇත්තේ කවර කාරනයකටදැයි මාද්‍යය නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් තමාට කැඳවීම ලද ලිපියේ ඒ පිලිබඳව කිසිදු සඳහනක් නොමැති …

Continue Reading

දේශපාලනඥයන් අසූවකට අල්ලස් දූෂණ චෝදනා

අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. මෙම විමර්ශන …

Continue Reading

ගෝඨා ආපහු දේශපාලනයට එන එකක් නෑ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. හිටපු ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි තමා කිසිසේත්ම විශ්වාස නොකරන බවද  හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ මහනුවරදී  අද (19) පෙරවරුවේ පැවති රැස්වීමකින්  අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඇති නිදහස …

Continue Reading

හිටපු ජනපතිට ආරක්ෂාව දෙන්නැයි පොදුජන පෙරමුණ ජනපති රනිල්ගෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා. එසේම පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට …

Continue Reading