උපුල් රෝහණට සෞඛ්‍ය විමර්ශන ඒකකයෙන් කැඳවීමක්
-
Editor
-
September 23, 2022
-
දේශපාලන
-
0 Comments
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණට සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා. ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා අඩංගුවී ඇති බවට ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, තමන් එම ප්‍රකාශය සිදු කළේ තහවුරු කර ගැනීමෙන් පසුව බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ …
Continue Reading
රජයේ මාසික වැටුප් ගෙවන්නවත් ආදායමක් ලැබෙන්නේ නෑ
-
Editor
-
September 22, 2022
-
දේශපාලන
-
0 Comments
මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා. රාජ්‍ය ආදායම මේ තරම් ප්‍රමාණයක් ඇන හිටීම හේතුවෙන් මේ වර්ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයක් මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Continue Reading
පන්සල් ගැන ලොකුවට කතා කරන්නේ V8 වල යන හාමුදුරුවරු
-
Editor
-
September 21, 2022
-
දේශපාලන
-
0 Comments
විදුලි බිල සඳහා සහනාධාරයක් ලබාදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. සූර්ය පැනල ලබාදීම අඩු පොලියක් අය කරමින් සිදුකරන ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලෙසත්, එවිට සියලුදෙනාට ඒවා ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. පන්සල් සම්බන්ධයෙන් අද විශාල ලෙස කතා කරන්නේ V8 වාහනවල යන ස්වාමීන්වහන්සේලා බවද ඔහු වැඩිදුරටත් පවසනවා.
Continue Reading
මැරෙන්න කළින් ගෝඨාභය ඉවත් කිරීම ගැන පසුතැවෙන්න වේවි
-
Editor
-
September 20, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමට දායකත්වය දැක්වූ සෑම අයෙකුම මැරෙන්න මොහොතකට හෝ පෙර ඒ සම්බන්ධයෙන් කණගාටුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ජනපති මන්දිරය වැටලූ දිනයේදී ගෝඨාභය අණ නිකුත් කළානම් අරගලයට සහභාගි වූ 500-1000 අතර පිරිසකට මියයෑමට සිදුවනු ඇති බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙක් ඉතිහාසයේ කෙදිනකවත් හමු නොවන බවත් ඡන්දයෙන් …
Continue Reading
ඩොලර් වලින් වෙන්වෙලා රූබල් වලට යන්න මේ ආණ්ඩුව ලෑස්ති නෑ
-
Editor
-
September 20, 2022
-
දේශපාලන
-
0 Comments
ඉන්ධන, පොහොර හා තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා රුසියාව සමඟ ගනුදෙනු කිරීමෙන් දැනට පවතින මිලට වඩා අඩු මුදලකට ජනතාවට ලබාදිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. නමුත් ඩොලර්වලින් වෙන්වී රූබල්වලට මාරුවීමට වත්මන් ආණ්ඩුව සූදානම් නොමැති බවත් ඩොලර්වල එල්ලී සිටීමෙන් කිසිදිනෙක සැනසීමක් නොලැබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. ඒ අනුව රූබල්වලින් ගනුදෙනු කිරීම සඳහා වහාම රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බවත් ඒ …
Continue Reading
ගැටළුවලට විසඳුම් සෙවිය හැක්කේ තරුණ වැඩිහිටි මිශ්‍ර පාර්ලිමේන්තුවකින්
-
Editor
-
September 17, 2022
-
දේශපාලන
-
0 Comments
දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම තරුණයන්ට බලය නොලැබීමට හේතුව බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. සියලුම පක්ෂ තුළ නායකයින්ට අසීමිත බලයක් හිමිව ඇති බවයි හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ. සියයට සීයක් වැඩිහිටි පාර්ලිමේන්තුවකින් හෝ සියයට සීයක් තරුණ පාර්ලිමේන්තුවකින් පවතින ගැටලුව විසඳිය නොහැකි බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ සඳහා තරුණයන් සහ වැඩිහිටියන්ගේ මිශ්‍රණයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් …
Continue Reading
ක්‍රිකට් ජයග්‍රහණයට හේතුව නාමල් සිදුකළ පරිපාලන වෙනස්කම්
-
Editor
-
September 16, 2022
-
දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය ලබාගත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පවසනවා. ඔහු ස්වාධීනව සෑම ක්‍රීඩා පරිපාලනයකටම උදව් කළ බවයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කළ කාලය තුළ ඔහු ක්‍රීඩකයෙක් ලෙස විශාල කාර්යභාරයක් සිදු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් …
Continue Reading
පාඨලීට එරෙහි නඩු විභාගය ලබන වසර දක්වා අත්හිටුවයි
-
Editor
-
September 16, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය ලබන වසරේ මාර්තු මස 15 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකොට ඊට …
Continue Reading
නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍ය තනතුරු ලබාගැනීම පිළිකුල් සහගතයි
-
Editor
-
September 13, 2022
-
දේශපාලන
-
0 Comments
අමාත්‍යධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟතාවකින් තොරව මන්ත්‍රීවරුන් හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ සිය පක්ෂය යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බවයි එම නිවේදනය …
Continue Reading
අරගලකරුවන් මර්දනයට එරෙහිව UN ඉදිරිපිට විරෝධතාවක්
-
Editor
-
September 12, 2022
-
දේශපාලන
-
0 Comments
අරගලකරුවන් මර්දනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට ඊයේ (11) නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ස්වේච්ඡාවෙන් සහභාගී වන සිවිල් පුරවැසියන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, සමස්ත ජගත් ප්‍රජාවගේත් අවධානය යොමු කිරීම වෙනුවෙන් මෙම විරෝධතාව සංවිධානය කළ බවයි වාර්තාවන්නේ.
Continue Reading