මාර්තුවලට පෙර මැතිවරණය පැවැත්විය යුතු නම් පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ එය සිදුකළ යුතුයි – මහින්ද දේශප්‍රිය

එළැඹෙන පළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර පැවැත්වීමට අවශ්‍ය නම් සිදුකළ යුත්තේ, පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව සභික සංඛ්‍යාව අඩු කරමින් නව කොට්ඨාශ යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවයි මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ. එසේම සීමා නිර්ණය හරහා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ සංඛ්‍යාව 4,000 ක් දක්වා අඩු කිරීම කළ …

Continue Reading

උදය ගම්මන්පිලට විදෙස් ගතවීමට අවසර

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් විශ්වාසය කඩකළේ …

Continue Reading

බැසිල් දිවයිනට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු ඇමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

ආර්ථික ස්ථායීකරණය සඳහා බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා දෙසැම්බර් මසදී ඉදිරිපත් කිරීමට පියවර

මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක පවසනවා. රටේ ආර්ථික ස්ථායීකරණයට අදාළ නව නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. රට තුළ …

Continue Reading

ඩයනා ගමගේ ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට අයත් උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නීතිවිරෝධී මෙන්ම ව්‍යජ බව සඳහන් කරමින් ගොනුකර ඇති පැමිණිල්ල අද (17) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්‍තේ.

Continue Reading

ජනතාව ත්‍රෛලෝක විජය පත්‍රවලින් මත්කරලා සුරංගනා කතා කිව්වාට හරියන්නේ නැහැ – එරාන් වික්‍රමරත්න

නීති සම්පාදනයෙන් පමණක් රටක් සෑදිය නොහැකි බවත් ඒ සඳහා ආදර්ශයක් සැපයීම වැදගත් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු බවත් ඉන්පසු පාර්ලිමේන්තුවේ අනෙකුත් පිරිසට සහ ඉහළ නිලධාරීන්ට සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට සිදුවන බවයි …

Continue Reading

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ. අද දිනයේ අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

Continue Reading

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා. මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙමින් ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

ශ්‍රී ලංකාව තනි කරන්නේ නැහැ – චීන තානාපති

මෙරට ණය ප්‍රතිව්‍යුවහගතකරණය සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් පවසනවා. ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් අතර පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දක්වන …

Continue Reading