කෘෂිකාර්මික ආහාර පද්ධතිවල කාන්තාවන්ගේ තත්ත්වය හා කාර්යභාරය, ගැටලු සහ විසඳුම්

කාන්තාවන් සවිබල ගැන්වීමේ කාර්යයේ දී  කෘෂිකාර්මික ආහාර පද්ධතිවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාවයන්අවම කිරීම ග්‍රාමීය කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ කුටුම්භවල සහජීවනය ඉහළ නැංවීමට මනා පිටුබලයක් සපයයි. ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් වීම තුළ  ආදායම් ඉහළ යාමෙන් කුටුම්භයේ ජීවන තත්වය ඉහළ යනු ලබයි. මෙම ලිපිය මඟින් සාකච්ඡා කෙරෙන්නේ, කෘෂිකාර්මික ආහාර පද්ධතිවල කාන්තාවන්ගේ සහභාගීත්වය, යහපැවැත්ම සහ බලගැන්වීම සීමා කරන අසමානතාවයේ බහු මූලාශ්‍ර පිළිබඳව වේ. එසේම …

Continue Reading

කිරි ගව පාලනයේදී වාර්තා තබා ගැනීමේ වැදගත්කම

කිරි ගව පාලනය යනු හුදෙක් සතුන් ඇති කිරීමක් පමණක් නොව, එය ක්‍රමවත් කළමනාකාරිත්වයක් මත පදනම් වූ සාර්ථක වාණිජ ව්‍යාපාරයකි. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වන්නේ එහි දත්ත සහ තොරතුරු පදනම්ව ගන්නා නිවැරදි තීරණ මතය. නිවැරදි වාර්තා තබා ගැනීම මගින් ගොවිපළේ ලාභය වැඩිකර ගැනීමට පමණක් නොව, අනාගතයේදී මුහුණ දීමට සිදුවන අවදානම් කලින් හඳුනාගෙන ඒවාට සාර්ථකව පිළියම් යෙදීමට ද මග පාදයි. වාර්තා තබා …

Continue Reading

කෘෂි ව්‍යවසායකත්වය සඳහා වර්ධනය කරගත යුතු කුසලතා මොනවාද ?

කෘෂිකර්මාන්තය ව්‍යවසායකත්වය / entrepreneurship සඳහා ඉතා වැදග් අවස්ථා කිහිපයක් ලබා දෙයි. ඇසුරුම් කිරීම, අමුද්‍රව්‍ය සැපයීම, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත වැනි කෘෂි ව්‍යාපාර අංශයේ නව අපේක්ෂාවන් රාශියක් ඇත. ක්ෂුද්‍ර මූල්‍යකරණය වැඩිවීම, රජයේ රෙගුලාසි ලිහිල් කිරීම, කෘෂිකාර්මික ආශ්‍රිත ක්ෂේත්‍රවල අති නවීන තාක්‍ෂණයට ප්‍රවේශ වීම සහ මග පෙන්වීම හේතුවෙන් ඉහළ කුසලතා ඇති සේවකයින්ගේ ඉදිරි දර්ශන වෙනස් වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස තරුණියන් සහ තරුණයින් …

Continue Reading

වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් …

Continue Reading

කෘෂි – තාක්ෂණික අනුවර්තනය තුළින් රජයට සහ ගොවීන්ට හිමිවන ප්‍රතිලාභ

ආචාර්ය සෙල්වනාදන් අනෝජන් කෘෂිකර්මාන්තය හා තාක්ෂණය පිළිබඳ ප්‍රමුඛ විශේෂඥයෙකි. කෘෂිකාර්මික නවෝත්පාදනයන් ප්‍රජාව අතර ව්‍යාප්ත කිරීම සහ ගොවි ප්‍රජාවන් සඳහා ප්‍රායෝගික, අඩු වියදම් කෘෂි විසඳුම් නිර්මාණය කිරීම සඳහා ඔහු දැරූ උත්සාහයන් සඳහා ඔහු පිළිගැනීමට ලක්විය. ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදයේ (Sri Lanka Agripreneurs’ Forum – SLAF) සම-නිර්මාතෘ සහ ලේකම්, ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon Chamber of Commerce – CCC) සහකාර මහලේකම් සහ කෘෂිකර්මය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස, ඔහු ශ්‍රී …

Continue Reading

වගා හානි වූ ගොවීන්ට රුපියල් ලක්ෂයක වන්දියක්

පසුගිය දා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහය ලබා ගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ …

Continue Reading

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය මාසයේ පළමු සඳුදා දිනකම

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න , ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය …

Continue Reading

SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට වෙළදපොළ ජයගත නොහැක්කේ ඇයි ?

රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සදහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත. එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි වෙනුවට කුඩා ලොරි හෝ දර්ශණීය ලෙස සකසාගත් ත්‍රී රෝද රථ ඇසුරෙන් විවිධ තරාතිරමේ අය අලෙවි කටයුතු වල නිරතවන ආකාරය අපට …

Continue Reading

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සහාය

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ. කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (13) පැවති සාකච්ඡාවේදී මෙම කරුණු …

Continue Reading

මහ කන්නයේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු ඇරඹෙයි

2024 මහ කන්නය සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා පවසයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එහි ප්‍රථම අදියර යටතේ ගොවීන්ට රුපියල් 15,000 බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බවය. අද (04) දිනයේදි භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 279.4ක මුදලක් ලැබෙන බවත් එය ගොවීන් …

Continue Reading