Eye සහ නේත‍්‍රා නාළිකා අධ්‍යාපන නාළිකා බවට පත් කරයි – සරසවි ප‍්‍රවේශයට කල් දෙයි
පාසල් ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සදහා අයැදුම් කිරීමට කාලය ලබාදෙන බව උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි. අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී උසස් අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මහපොල ආධාර මුදල් ඊයේ දිනය වනවිට සරසවි සිසුන්ගේ ගිණුම්වලට බැර කර අවසන් කළ බව කී අමාත්‍යවරයා විශ්ව විද්‍යාල අධ්‍යාපන හා උසස් …
Continue Reading
AL විභාගය කිසිසේත් කල් දමන්නේ නෑ – අධ්‍යාපන ඇමැති ඩලස්
උසස් පෙළ විභාගය කිසිසේත් කල් නොදමන බවත් එවැනි තීන්දුවක් රජය මේ වනතුරු රැගෙන නැති බවත් අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි. අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගය කල් යන බවට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන දෙකක් සහ සමාජ මාධ්‍ය විසින් …
Continue Reading
වෛරසය පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එජාපයේ ප්‍රසාදය
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් …
Continue Reading
ආණ්ඩුව යාන්ත‍්‍රණයක් හදනවානම් ‘අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගම් මට්ටමට බෙදාහරින්න’ ජවිපෙ සූදානම්
මේ වසංගතයෙන් පැරදුණොත් පැරදෙන්නේ මුළු රටමයි. ඒ වගේම දිනුවොත් දින්නේ මුළු රටමයි. කොරෝනා වෛරස නිසා රට තුළ මතුව ඇති නව තත්වයන් පිළිබඳව ජවිපෙ පැහැදිලි කිරීමක් මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුව සම්පූර්ණයෙන් මෙහි පළ වේ. ලෝකය පුරාම කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්වයක් තුළ රටක් හැටියටත් අපි මේ තත්වයට …
Continue Reading
ජනපති මහ බැංකුව සමග ආර්ථික සමාලෝචනයක
COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය. මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ සාකච්ඡාවට එක්ව සිටියහ. COVID-19 ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ …
Continue Reading
ශ්‍රී ලංකාවේ ණය ගැන ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්
සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකථනයෙන් කථා කළ ජනාධිපතිවරයා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික …
Continue Reading
කොවිඩ් 19 – මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
කොරෝනාවෛරසය ලෝකය අවිනිශ්චිතතාවකට ඇද දමා ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ඔබට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. මේ සියල්ල පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට බලපානු ඇත. දැනටමත් සාංකාව සහ ඕසීඩී (Obsessive-Compulsive Disorder) වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෙකුට නම් මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත. කොරෝනාවෛරසය පැතිරී යන අවස්ථාවේදී …
Continue Reading
Update: ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා …
Continue Reading
සාමාන්‍ය ජනතාව මුහුණු ආවරණ පැළදීම අනවශ්‍යයි – ලෝක සෞඛ්‍ය සංවිධානය
ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු හැර අන් පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඊයේ (30) යළිත් අවධාරණය කළා. “මහජනයා විසින් මුහුණු ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම හා සම්බන්ධයෙන් …
Continue Reading
ඉහළ අවදානමක් සහිත කලාපවල ඇඳිරි නීතිය දිගටම
-
RSL
-
March 31, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට, අප්‍රේල් 01 බදාදා උදෑසන 6.00ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් …
Continue Reading