කරු ජයසූරිය ගැන ඉරිදා මව්බිම සහ CEYLON TODAY පුවත ‘අතේ රෝලක්’

අද දින (24) නිකුත් වූ ඉරිදා මව්බිම සහ එහි සන්ඩේ සිලෝන් ඉංග්‍රීසි පුවත්පතේ ‘ව්‍යවස්ථාදායක සභාවේදී මහින්දගෙන් කරුට මල්ටි බැරල් ප්‍රහාරයක්” යන සිරස්තලය යටතේ 2020.04.26 වන ඉරිදා දිනට නිකුත් වන  ජාතික පුවත්පතක සහ එම පුවත්පතෙහිම ඉංග්‍රීසි මුද්‍රණයෙහි  karuj comes under fire යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම …

Continue Reading

උසස් පෙළ හා 5 වසර සිසු ගැටලු ගැන නලින්ද ජයතිස්සගෙන් අගමැතිට ලිපියක්

CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙන උසස් පෙළ හා 5 වසර දරුවන්ගේ ගැටලූ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහත දැක්වේ. වෛද්‍ය නලින්ද ජයතිස්සහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,464/20, පන්නිපිටිය පාර,පැලවත්ත,බත්තරමුල්ල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,අරලියගහ මන්දිරය,කොළඹ. ගරු අගමැතිතුමනි, CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙනඋසස් පෙළ …

Continue Reading

COVID-19 සයිබර් තර්ජනවල ක්‍රියාකාරීත්වයේ ඉහළ යාමක්

COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර ඉහල යාමක් මේ දිනවල පෙන්නුම් කරනු ලබන අතර සයිබර් ආරක්ෂණ ආයතයක් විසින් හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන හදුනාගැනීමට සමත්වී තිබෙනවා. සයිබර් ප්‍රහාර සිදුකිරීමට නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවි වලට පිවිසෙන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත, මුරපද සොරාගැනීමට සහ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් කටයුතු කරනු ලබයි.  ශ්‍රී ලංකාවෙහිද මෙවැනිම ආකාරයේ සයිබර් …

Continue Reading

වැලිසර නාවික හමුදා කදවුරේ නිවාඩු ගිය සියලු සෙබළු යළි කැදවා නිරෝධානය කරයි

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම සෙබළුන් හා නිලධාරීන් යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට  පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සිටි නාවික සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ …

Continue Reading

කැබිනට් තීරණ සියල්ල සංෂිප්තව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගත් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (23) සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් වුණා. එහිදී අමාත්‍යවරයා විසින් දැනුම් දුන් කැබිනට් තීරණවල සාරාංශයක පහත පළ වෙනවා.

Continue Reading

වැලිසර නාවික හමුදා කදවුරේ 30කට කොරෝනා – අද දිනය තුළ ආසාදිතයින් 38ක්

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පුවත යුද්ධ හමුදාපතිවරයා විසින් ද තහවුරු කළ බවයි ජාතික මාධ්‍ය විසින් වාර්තා කළේ.‍ මෙසේ එකවර නාවික සෙබළුන් 29 දෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි …

Continue Reading

පාර්ලිමේන්තුව කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් මට නෑ – කරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) පෙරවරුවේ එහි සභාපති හා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් මහතා, මහින්ද සමරසිංහ මහතා, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් …

Continue Reading

ඇදිරි නීතිය නැතත් නිරෝධාන නීති දැඩිව

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් පොලීස්පති වරයා වෙත පවරා ඇති බලතල මත ඇදිරි නීතිය නොමැති අවස්ථාවන් වලදී  නිරෝධායන රීතිවලට අනුව සෞඛ්‍ය උපදෙස් කඩකරනු ලබන අයවළුන්ට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් නිතීමය කටයුතු සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි. මේ සදහා ආරක්‍ෂක මාණ්ඩලික …

Continue Reading

කොළඹට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වයට හදිසි පරීක්ෂාවට

ඊයේ (22) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මගින් ඔවුන්ගේ යතුරුපැදි 20 ක් පමණ යොදාගනිමින් කොළඹ නගරය අවට අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය හදිසි පරික්‍ෂාවකට ලක් කරන අතර, එහිදි ඔවුන් යම් නිරීක්‍ෂණයකට ලක්වුහොත් ඉදිරිපියවරයන් සඳහා  සෞඛ්‍ය අංශ වෙත යොමු කරනු ලබන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ …

Continue Reading

දෙරණේ චතුර අල්විස්ගේ හැසිරීමට GMOA දැඩි අප්‍රසාදය පළ කරයි

දෙරණ නාළිකාවේ මාධ්‍යෙව්දී චතුර අල්විස් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකීර්තියට පත් කිරීමට ගන්නා උත්හාසය හෙළා දකිමින් එම සංගමය විසින් දෙරණ නාළිකාවේ විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි සදහන් වන්නේ පසුගිය කාලය තුළ දිගින් දිගටම චතුර අල්විස් විසින් තම සංගමය අපකීර්තියට පත්වන ආකාරයේ විවිධ ප්‍රකාශ කරනු ලැබූ බවයි. විශේෂයෙන් පසුගිය 21 වැනි දින පෙ.ව 6.30ට විකාශනය වන ‘දෙරණ …

Continue Reading