ලීසිං සමාගම්වලට ජනපති තදින් සිටී

කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. අද (13) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙසේද සදහන් කරයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ ජන ජීවිතයට සීමා පැනවීමට සිදු විය. ඉන් පීඩාවට පත් කණ්ඩායම්වලට රජය සහන …

Continue Reading

හෙට සිට ඇඳිරි නීතිය දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා ලිහිල් වෙයි

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බවත් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක …

Continue Reading

ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙනු එපා – ජනපතිගෙන් පොලීසියට නියෝග

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කරයි. ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුවය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට …

Continue Reading

පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි. මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි. වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු  ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන …

Continue Reading

සුනිල් ජයවර්ධන ඝාතනය : ෆිනෑන්ස් මාෆියාවට එරෙහිව දැන්වත් පෙළ ගැසෙමුද ?

කොරෝනා හෝ වෙනත් යම් හේතුවක් මත නියමිත වේලාවට ඔවුන්ට වාරික නොලැබී ගියොත් වෙන්නෙ ඔවුන් අපිට ණය දෙන්න ණය ගත්තු තැනත් එක්ක හිර වෙන එක. මොකද ඔය සමාගම් ගොඩක් දුවන්නෙ ප්‍රමාණවත් ආරක්ෂක තැන්පතුවක් ඇතිව නෙමෙයි. බොහොම යන්තමට අඩ්ඩඩ්ඩාවට.  ඇමෙරිකානු වර්ගවාදී (සුදු) පොලිසිය විසින් ඝාතනය කළ ජෝර්ජ් ෆොලෙයිඩ්ගේ ඝාතනය හේතුවෙන් ඇමෙරිකාවේ ඇති වුණ ගින්න තාමත් ඇවිලෙනවා. එය දැන් ඇමෙරිකාවේ පමණක් නොව ගෝලීය …

Continue Reading

ETI අක්‍රමිකතා: තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටිනවා – ජනපති

ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ඕව්හු ජනාධිපතිතුමාට දැන්වූහ. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබේ. ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව සඳහන් කරයි. අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි උපදෙස් දුන් …

Continue Reading

තාප විදුලි බලාගාරවලින් සිදුවන පරිසර හා සමාජමය බලපෑමේ පිරිවැය සොයයි

මෙරට තාප (ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත. එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට හා පරිසරයට සිදුවන අහිතකර බලපෑමේ …

Continue Reading

උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට ‘සීමාවන්ට යටත්ව’ අවසර

ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 15 වෙනිදා සිට සිදුකිරිමට අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.  නව ක්‍රමවේදය අනුව අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව …

Continue Reading

අදියර හතරක් යටතේ පාසල් යළි ඇරෙයි – AL – ශිෂ්‍යත්ව දින නියම වෙයි

05-11-13 ශ්‍රේණි ජූනි 6 වැනිදා ආරම්භ වෙයි උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වැනිදා 05 ශ්‍රෙණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ  කලාපයේ පළමු රට බවට …

Continue Reading

කොවිඩ් -19 රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් – සුව විරුවන්ට තරු හෝටලයක නිවාඩුක්

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල  අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි. මෙම ගැටළු පිළිබදව අවධානය …

Continue Reading