මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම …

Continue Reading

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ. එම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සාමාජිකයන් දෙදෙනා සඳහා …

Continue Reading

19 වැනි සංශෝධනය අද විහිළුවක් වෙලා – මහින්ද

අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇති වුණු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුළුවන් කමක් නැහැ “අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19  වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට  මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය …

Continue Reading

පාතාල සල්ලිවලින් ‘දරුවන් නඩත්තු කරන්න එපා’ -ආරක්ෂක ලේකම්

වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඊයේ (18) ඉල්ලීමක් කළේය. බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා අනුව නිල ඇඳුම් තමන්ට ඇඳීමට සුදුසු ද නැද්ද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතු බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය. නිලධාරීන් මෙතෙක් සිදුකළ වැරැදි අමතක කරන ලෙස ඉල්ලා සිටි  …

Continue Reading

FaceApp රැල්ලට නැවත හසුවීමට පෙර පෞද්ගලිකත්වයට මුල්තැන ලබාදෙන්න

ඔබ වයස්ගත වූ විට ඔබේ පෙනුම කෙබඳුදැයි බැලීමට ඔබට ඉඩ සලසන ෆේස්ඇප් යෙදුමෙහි නවතම යාවත්කාලීනය මගින් එහි පරිශීලකයින්ට ඔවුන්ගේ කාන්තා හෝ පිරිමි පෙනුම කෙබඳුදැයි පෙන්වයි. මේ හේතුවෙන් නැවතත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල නැවතත් FACEAPP රැල්ලක් හටගනිමින් තිබෙනා අතර මෙම යෙදුමෙහි භාවිතාවන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය හේතුවෙන් මෙම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවධානමක් පවතින බව ශ්‍රී …

Continue Reading

මූල්‍ය සහ ලීසිං සමාගම්වල නීතිවිරෝධී ක්‍රියා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

මූල්‍ය සමාගම් බිඳ වැටීම සහ ලීසිං ආයතනවල අයථා ක්‍රියාකාරීත්වය හමුවේ අකර්මන්‍යව සිටීම ගැන ජනාධිපති රාජපක්ෂ මහතා ඊයේ (16) රැස්වීමේදී මහ බැංකු ප්‍රධානීන්ට අවවාද කළ බවත් ඊට ප්‍රතිචාර ලෙස මහ බැංකු අධිපති විසින් මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමික සහ නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් ස්ථාපනය කරනු ලැබූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් …

Continue Reading

අගෝස්තු පළවෙනිදායින් පසු ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පි.සී.ආර් පරීක්ෂණ තුනක්

අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ රට තුළට කොවිඩ් 19 වසංගතය නැවත පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි. කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ව අද (17) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ජාවක දී ඇමතිවරයා මේ …

Continue Reading

ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ රෙදි ගැළ වූ විට ඇත්තට නිරුවත් වුණේ කවුද ?

මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් හා පරිපාලනය සම්බන්ධ තීරණ ගන්නේ ‘මුදල් මණ්ඩලය‘ යි.  හැබැයි, අද එහි සාමාජිකයින් පහෙන් ඉන්නේ තුනයි.  ඉතින් මහ බැංකුව රටක ආර්ථික හසුරුවන්ට  රජයට උපදෙස් දෙන්නේ කොහොමදැයි?යි, දකුණු පළාත් හිටපු  ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් විමසයි. මහ බැංකුවේ තීරණ ගන්නේ කවුද? මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් දීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට නොව ‘මුදල් මණ්ඩලය‘ (Monitory Board) ට යි.  එය මහ බැංකුවේ වෙබ් …

Continue Reading

ජනපති ගෝඨා ‘මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ’ රෙදි ගළවයි

“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා  රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු …

Continue Reading

බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව ජනපති අවධාරණය කරයි

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමකි. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා කියා සිටී. ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය පිණිස අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව …

Continue Reading