වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට.. ගුවන් සමාගම කෑ මරාගේ මස්සිනාගේ සල්ලාල වැඩ මෙන්න
ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකු වන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති,තේ වත්තක පීඩී (පෙරියදොරේ) හෙවත් නිශාන්ත වික්‍රමසිංහගේ අම්තුම තාලේ ජනතා මුදල් වලට කෙලවිමක් මෙ වන විට අනාවරණය වි තිබේ. ඒ අනුව තවදුරටත් රාජපක්ෂලා යනු තවදුරටත් කම්බම කම්බ හොරු තහවුරු වි තිබේ. තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම.. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් …
Continue Reading
රජයේ ඉලක්කය සෑම පුරවැසියෙකුටම ඉඩමක්, නිවසක්, ආදායමක් – අමාත්‍ය කබීර් හෂීම්
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවිමෙන් මෙම ඉඩම් ඔස්පු දස …
Continue Reading
‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමයට අයැදුම්පත් කැඳවයි
ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවනු ලබන 2018 ‘මාධ්‍ය අරුණ’ විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ තුනක (රු. 3,00,000) උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු …
Continue Reading
රථ වාහන වැරදි 33 ක දඩ මුදල් අද සිට ඉහළට
රථ වාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ අද සිට ක්‍රියාත්මක වේ. නව ස්ථානීය දඩ පත්‍රිකාව අද දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. නව ස්ථානීය දඩ පත්‍රිකාවට වැරදි 33ක් ඇතුළත් වේ. මීට පෙර පැවති දඩ පත්‍රිකාවේ වැරදි 23ක් පැවති අතර එහි ඇතුළත්ව තිබූ වැරදි තුනක් නව දඩ පත්‍රිකාවෙන් ඉවත් කර ඇති බවයි පොලිස් …
Continue Reading
ඉන්ධන මිල පහළ නොදැම්මොත් ධීවරයින් වර්ජනයකට සුදානම්
ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත්,මෙම තත්ත්වයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයන් පැවැත්වීමට තමන්ට සිදුවන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය. තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය. ‘රට පුරා බහු දින යාත්‍රා 4650 ක් පමණ තියනවා.ඉන්ධන මිළ ඉහළ දැමීම …
Continue Reading
තෙල්මිල ගැන මහින්ද රාජපක්ශ මහතා කියන්නේ බොරු බේගල්- මංගල
තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය. එම ප්රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය ‘‘හිටපු මුදල් …
Continue Reading
කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක
කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියාපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි. වැඩිවූ තෙල් මිලට සරිලන සධාරණ මිලක් ලබාදීම, පාලන මිලක් නියම කිරීම, කුලී රථ සේවා සඳහා ප්‍රතිපත්තියක් …
Continue Reading
ශී‍්‍ර ලංකා- තායිලන්ත අවබෝධතා ගිවිසුම් 4 කට අත්සන් කෙරේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වෙයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුා විය. 2016 වසරේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තායිලන්තයේ …
Continue Reading
උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට මුදා හැරේ
ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මේ වනවිට මුල් පදිංචිකරුවන්ට මුදා හැර ඇති බව යුද හමුදාව පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, නිදහස් කළ හැකි තව ත් ඉඩම් අක්කර 522 ක් හඳුනාගෙන ඇති බවයි. එහෙත් යටිතල පහසුකම්වල පවතින ගැටලුවක් හේතුවෙන් එම ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම ප්‍රමාද වී ඇති බව ඔහු සඳහන් කළේ ය. එම …
Continue Reading
අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නියම කර ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය මේ වන විට ආනයනය කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින …
Continue Reading