කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක

Spread the love

කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියාපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි.
වැඩිවූ තෙල් මිලට සරිලන සධාරණ මිලක් ලබාදීම, පාලන මිලක් නියම කිරීම, කුලී රථ සේවා සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වා දීම යනු ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයකි.

විරෝධතාව අතරතුර නියෝජිතයන් පිරිසක් තම ගැටළු ඇතුලත් සංදේශයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතාට භාර දුන්නේය.

කුලී රථ සේවාව සඳහා කඩිනමින් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා බවත් රියදුරන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන බවත් අතිරේක ලේකම්වරයා පොරොන්දු වූ බව එම  සංගමයේ සභාපති චරිත් අත්තනපොල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

RSL

Related Posts