රනිල් හදීසි නිතිය ගැසට් නිවේදනයක් හරහා පනවයි
-
RSL
-
July 18, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ශ්‍රී ලංකාව තුළ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා …
Continue Reading
ඉන්ධන මිල පහල දැමේ… නව මිල ගණන් මෙන්න…
-
RSL
-
July 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල පහල දැමීමට කටයුතු කර තිබේ. එසේ පහල දමා ඇති ප‍්‍රමාණයන් හා නව ඉන්ධන මිල ගණන් මෙසේය.
Continue Reading
අනුරත් ජනපති තරඟයට
-
RSL
-
July 17, 2022
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. රටේ වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීමට නායකත්වය දීමට පාර්ලිමේන්තු ඇතුලේ ජනාධිපති තේරීමේ තරගයේ දී ජාතික ජල බලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා යැයි විජිත හේරත් මහතා පවසයි. ජාතික …
Continue Reading
රිදියගම සෆාරි උද්‍යානයේ සංවිධානාත්මක සත්ව ඝාතනයක්
-
RSL
-
July 15, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ නරඹන්නන් පිනවීම පිණිස රඳවා ඇති සතුන් සහ ඊට යාබද වනාන්තර කොටසේ සිට පැමිණෙන වන සතුන් සත්වෝද්‍යාන සේවකයින් පිරිසක් විසින් විවිධ ක්‍රම මගින් මස් පිණිස ඝාතනය කරන බවට දැනගන්නට ලැබී ඇති බව ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය සංවිධාන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. මෙසේ ඝාතනය කෙරෙන සතුන් ප්‍රදේශයේ විවිධ හෝටල් සහ බලවත් පුද්ගලයින්ගේ පරිභෝජනය සඳහා …
Continue Reading
නව ජනපති තේරීම දින හතක් ඇතුළත
-
RSL
-
July 15, 2022
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සඳහා, රැස්වීමට සාමකාමී වාතාවරණයක් උදා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කතානායක වරයා කීය. දින හතක් වැනි කෙටි කාලයක් තුළදී සියලු වගකිව යුත්තන්ගෙන් සහභාගීත්වයෙන් නව ජනාධිපතිවරයා …
Continue Reading
රනිල් ජනපති ලෙස දිවුරුම් දීමේ කටයුතු සියල්ල සූදානම්
-
RSL
-
July 15, 2022
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර අගවිනිසුරුවරයා ඉදිරියේ තව නොබෝ වේලාවකින් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
Continue Reading
ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි
-
RSL
-
July 15, 2022
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය.
Continue Reading
කොළඹට ඇඳිරිනීතිය රනිල් පනවයි
-
RSL
-
July 14, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (14) දහවල් 12.00 සිට හෙට (15) අළුයම 5.00 දක්වා ඇඳිරිනීතිය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Continue Reading
අරගලකරුවෝ හමුදා තුවක්කුවක් පැහැරගනියි
-
RSL
-
July 14, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ඊයේ රාත්‍රීයේ පොල්දූව මංසන්ධිය අසල පැවති උණුසුම් තත්වය මත අරගලකරුවන් විසින් හමුදා සෙබලෙකුගේ ගිනි අවියක් හා ජීව උණ්ඩ හැටක් පැහැරගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබේ. එහිදී ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අර යුධ හමුදා සෙබළකු ද දැඩි ලෙස පහර කෑමට ලක්ව ඇත.
Continue Reading
නව චෙට්ටි වීදියේදී වෙඩි තැබීමක්
-
RSL
-
July 12, 2022
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොළඹ නව චෙට්ටි වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ. වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයට අයත් නව චෙට්ටි වීදියේ හින්නිඅප්පුහාමි හන්දිය අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළකට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 29 හැවිරිදි තරුණයෙකු කොළඹ ජාතික …
Continue Reading