තෙල්මිල ගැන මහින්ද රාජපක්ශ මහතා කියන්නේ බොරු බේගල්- මංගල

තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය ‘‘හිටපු මුදල් …

Continue Reading

විනය කැඩු ප්‍රසන්න රණවීර සදුදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව තමා වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි. රටේ මහත් ආන්දෝලනයට …

Continue Reading

කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක

කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියාපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි. වැඩිවූ තෙල් මිලට සරිලන සධාරණ මිලක් ලබාදීම, පාලන මිලක් නියම කිරීම, කුලී රථ සේවා සඳහා ප්‍රතිපත්තියක් …

Continue Reading

ටජ්මහල් රැකගැනීමට විදේශ රටක උපදෙස් ලබාගන්න- ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට කියයි

ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල උදාසීන ක්‍රියාකලාපය හේතුවෙන් එම ස්මාරකය දැඩි ලෙස පරිහානියට ලක් ව ඇති බවයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස විවේචනය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් විභාග කරමිනි. මේ අතර මෙම වසරේ මැයි මාසයේදී අධිකරණය රජයට උපදෙස්දී තිබුණේ, කිරිගරුඬ ව්‍යූහයට …

Continue Reading

ශී‍්‍ර ලංකා- තායිලන්ත අවබෝධතා ගිවිසුම් 4 කට අත්සන් කෙරේ.

ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වෙයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුා විය. 2016 වසරේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තායිලන්තයේ …

Continue Reading

උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට මුදා හැරේ

ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මේ වනවිට මුල් පදිංචිකරුවන්ට මුදා හැර ඇති බව යුද හමුදාව පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, නිදහස් කළ හැකි තව ත් ඉඩම් අක්කර 522 ක් හඳුනාගෙන ඇති බවයි. එහෙත් යටිතල පහසුකම්වල පවතින ගැටලුවක් හේතුවෙන් එම ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම ප්‍රමාද වී ඇති බව ඔහු සඳහන් කළේ ය. එම …

Continue Reading

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නියම කර ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය මේ වන විට ආනයනය කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින …

Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

ජනපතිතුමාගේ ඉල්ලීමක් පරිදි දැනට මරණීය දණ්ඩණය නියමව බන්ධනාගාර ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා වන කැබිනට් අනුමැතිය අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලැබී තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් ගතයුතු නොයෙක් පියවරයන් පිළිබද කැබිනට් රැස්වීමේදි සාකච්චා කර තීරණයන්ට එළඹ ඇත. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ …

Continue Reading

අර්ජුන කිපී නැඟිට යයි; තෙල් මිල ඉහළ යයි

මුදල් ඇමති මංගලගේ මිල සුත්‍රයට අනුව ඛනිජ තෙල් මිල ඊයේ(10) ඉහළ දැමීම සඳහා පැවති සාකච්ඡාවේදී ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම සාකච්ඡාවෙන් නැඟිට ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, දයා ගමගේ සහ අර්ජුන රණතුංග මෙම තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ සාකච්ඡාවේ සිට ඇති අතර මිල ඉහළ දැමීමේ මිල සුත්‍රයට තමන් තරයේ විරුද්ධ …

Continue Reading

බස්කාරයින්ගේ සෙල්ලම්වලින් ලෙල්ලන් වන මගී ජීවිත: ජීවිත 60ක් අනතුරට (Video)

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද(09) දින දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලීසිය පවසයි. මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකේ ගමන්ගත් තුවාල ලැබූ මඟින් මේ වන විට …

Continue Reading