ශ‍්‍රී ලංකාවේ Covid-19 නව ආසාදිතයින් 07ක්: මරණ සංඛ්‍යාව 06ක්
අද (7) දින පස්වරු 19.00 වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගිය බවත් අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වූ බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 255ක් බවයි. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 137 දෙනෙක් වන අතර කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් …
Continue Reading
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොරෝනා ආසාදිතයින්ට හුදකලා රෝහලක්
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උපදෙස් පරිදි 1 වන ශ්‍රි ලංකා ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මීගමුව ඉරනවිල ප්‍රදේශයේ පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගොඩනැගිලි සංකීර්ණය කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසට නවීකරණය කර අද (7) දින සනධ්‍යාවේ රාජ්‍ය බලධාරීන් වෙත භාරදෙනු ලැබීය. මෙහි සමාරම්භක උත්සව …
Continue Reading
රජයේ අරමුණ කොරෝනා මැඩපැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැළක්වීමයි – ඇමැති ප්‍රසන්න
කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආණ්ඩුව ඇදිරි නීතිය පනවා රටම ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ එම අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ …
Continue Reading
ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සැකසේ.
කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ. එවැනි අවස්ථාවල ඇඳිරි නීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයන් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන බව නිරීක්ෂණය කර ඇත. මෙසේ ජනයා ඒකරාශීවීම කොරෝනා මර්දන වැඩසටහන්වලට බලවත් බාධාවකි. එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ කොරෝන ආසාදිතයින් 178ක් : ලෝකයේ 1,277,260ක් සහ මරණ 69,572ක්
අද (6) දින කොව්ඩ් -19 ආසාදිතයින් දෙදෙනකු (2) වාර්තා වීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එහි වාර්තාවලට අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 135ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 257කි. මරණ සංඛ්‍යාව 05ක් වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 38 දෙනෙකි. ගෝලීය තත්ත්වය සෞඛ්‍ය ප‍්‍රවර්ධන …
Continue Reading
කොරෝනා පාලනයට ජාතික සංවිධාන විසින් පස් වැදෑරුම් වැඩපිළිවෙළක් යෝජනා කරයි
කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ජාතික සංවිධාන විසින් පස් වැදෑරුම් උපායමාර්ගික වැඩපිළිවෙළක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇත. එහි කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් අද (6) නිකුත් කළ එම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් පහත දැක්වේ. අතිගරු ජනාධිපතිතුමනි, වර්තමාන කොවිඩ් – 19 වසංගත තත්වය හා ඒ තුළින් පැන නගින ආර්ථික සහ සමාජීය අර්බුදය ලෝකයට නව අත්දැකීමක් බවට විවාදයක් නැත. වසංගත …
Continue Reading
මැග්නිෆිකා සුඛෝපභෝගී නෞකාවේ සේවය කළ ලාංකික තරුණයාගේ ඉල්ලීම ජනපති ඉටුකරයි
ලෝකයේ කිසිදු වරායකින් භාර නොගත් එම්.එස්.සී මැග්නිෆිකා (MSC Magnifica) නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකික තරුණයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මව් රටේ ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ක්‍රියා කරයි. MSC Magnifica නෞකාවේ මගීන් සහ කාර්යය මණ්ඩලය 2,700ක් වූහ. ජනවාරි 05 වන දින ගමන් ආරම්භ කළ නෞකාව ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසා ඕස්ට්‍රේලියාවේදී සංචාරය නතර කළේය. පවතින …
Continue Reading
නවතම ඇඳිරි නීති නිවේදනය – ගොවිතැන් හා කුඩා තේ වතුවලට වැඩට බලපෑමක් නෑ
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල අද, සඳුදා උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය. මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට …
Continue Reading
බේදයකින් තොරව ජනතාවට සහන සලසනවා – ජනපති SJB හමුවේදී කියයි
කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය …
Continue Reading
ජනපතිට කොරෝනා යැයි මුහුණු පොතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර හුවමාරු කර ගත් බවට සැකපිට ඊයේ (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව, මහවිහාර මාවත පදිංචි තිලිණී මීවනගේ (41) නැමැත්තිය ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ජනාධිපති …
Continue Reading