කොළඹින් අහඹු ලෙස ගත් ජෛව පටල සාම්පල 25/14ක් ‘සැකයි‘

කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල  25ක  සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. මෙම සැක සැකකටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් මෙම  පරීක්ෂණවල අවසන් වාර්තාව  ඉදිරි සතියේදී  ලබා …

Continue Reading

‘කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම ගැන‘ WHO වෙතින් දැඩි අනතුරු ඇගයීමක්

කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසඳීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් බවත් එබැවින් විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ (12) පැවැසුවා ය. ගෝලීය ‘කොවිඩ්-19’ වසංගත තත්තත්වය සම්බන්ධයෙන් දින කිහිපයකට වරක් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මේ බව අවධාරණය කළ …

Continue Reading

ගොවීන්ට ‘කාබනික පොහොර නිපදවා ගන්න 12,500ක දීමනාවක්‘

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය. අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව හෙළි කළ අමාත්‍යවරයා කියා සිටියේ කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා දිරිදීමනාවක් ගෙවීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද  අලුත්ගමගේ …

Continue Reading

ප්‍රවෘත්ති දරුවන්ට බලපාන ආකාරය ගැන අලුත් හෙළිදරව්වක්

බය හිතෙන, ඔළුව අවුල් කරන ප්‍රවෘත්ති අද ටීවී එකෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන් සහ කොම්පියුටර් එකෙන් ඕන වෙලාවක බලන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒ ප්‍රවෘත්තිවලට සංවේදී දර්ශනත් ඇතුළත් වෙලා තියෙනවා. දරුවනුත් ඒවා බලනවා. ඉතිං ප්‍රවෘත්තිවලින් පුංචි හිත් අවුල් කරගන්නේ නැතුව ඉන්න අපේ දරුවන්ට උදව් කරන්නේ කොහොමද? ප්‍රවෘත්තියක් දරුවාට බලපාන්න පුළුවන් කොහොමද? ප්‍රවෘත්තිවල පෙන්වන භයානක සිද්ධීන් දැකලා හුඟක් දරුවන් බය වෙනවා. ඒ වගේ …

Continue Reading

කොරෝනා වසංගතය: ‘ළමුන් තුළ මතුවන මානසික ගැටලු’ නොසලකා හරින්න එපා

ජීවිතයේ නොයෙකුත් හේතුන් නිසා අපට තෙහෙට්ටුව ඇතිවන නමුත් වයිරස් උණ වසංගතයක් නිසා ඇතිවන  තෙහෙට්ටුව ඊට වඩා විශේෂත්වයක් ගනී. එහි ලක්ෂණ මෙසේය. මන්දෝත්සාහි බව ආහාර ලබාගැනීමේ සහ නිදා ගැනීමේ රටාව වෙනස් වීම නුරුස්සන ස්වභාවය යාමකට අවධානය යොමු කිරීමේ අපහසුව බලාපොරොත්තු සුන්වීම වසංගත තෙහෙට්ටුව තමන්ට මෙන්ම සෙස්සන්ටද බරපතල තර්ජයනයකි. මීට එක් පිළියමක්  කායික ප්‍රතිශක්තිය වැඩිකිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමතරව  ජංගම දුරකථන වලින් හෝ වීඩියෝ සබඳතා හෝ වෙනත් විද්‍යුත් සන්නිවේදන ක්‍රම මගින් හෝ මිතුරන් සමග මෙවන් ගැටළු ගැන නිරතුරුවම සාකච්චා කිරීමය.  එමෙන්ම යම්කිසි යහපත් ක්‍රියාවක නියැලීමය.   මේ වසංගත කාලයේ මීට අදාළවඇතිවන අනෙක් බරපතල ප්‍රශ්නය නම් නිවසට කොටු වී ඉන්නා කුඩා දරුවන් තුළ ඇතිවන චිත්ත පීඩනයයි. දවස පුරා රූපවාහිනී පුවත් මගින් වාර්තා කෙරෙන කොරෝනා වසංගතය, ස්වභාවික විපත් සහ ලෝකය පුරාම සිදුවන සාහසික සිදුවීම් වලින් දරුවන්ට ඇතිකරන්නේ දැඩි මානසික බලපෑමක්  බව ලොව පුරා කරා ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.  ඊට අනුව සියයට 40ක් පමණ දෙමාපියන් පවසා  ඇත්තේ ප්‍රවෘත්ති නරඹන දරුවන් බොහෝවිට තමන්ට හෝ තම පවුලේ අයෙකුට එවන් විපතක් වේය කියා බියකින් සහ කනස්සල්ලකින් පෙලෙන බවයි.  වෙනත් වචන වලින් කිවහොත් එම පුවත් දැක දෙමාපියන් බියවන විට වන දරුවන් ඊටත් වඩා වඩා බියවන බවයි. එහෙත් වැඩිහිටියන්ට ඔව්හු තම චිත්ත පීඩනය පැහැදිලව නොපෙන්වති.  විවෘතව නොකියති. එහෙත් ඒ බව ඉහත සඳහන් කායික තෙහෙට්ටුව වැනි ලක්ෂණ තුලින් මතුවිය හැක.

Continue Reading

කොවිඩ් එන්නත ලබාගැනීමේ පහසුව සඳහා මාර්ගගත ලියාපදිංචි ක්‍රමවේදයක් හඳුන්වාදෙයි

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියට එරෙහිව රජය විසින් සෞඛ්‍ය අංශ සමග එක්ව සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ක්‍රමවත්ව සිදු කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා මාර්ගගතව (Online) ලියාපදිංචි වීමේ අවස්ථාව ජනතාවට ලබාදීම අද (12) දින සිදුවිය. ඒ අනුව, බස්නාහිර පළාතේ පදිංචි (කොළඹ, කළුතර,ගම්පහ) කොවිඩ් – 19  එන්නත ලබාගත හැකි බවට සෞඛ්‍ය අංශ විසින් …

Continue Reading

බුරන බල්ලෝ නිසා ‘මම මගේ ගමන‘ නතර කරන්නෑ – ඇමැති උදය ගම්මන්පිල

‘මම මගේ ගමන යනවා. ඒ ගමනේදී බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතී මම මගේ ගමන පමා කරගන්නේ නැහැ‘‘ මේ අපූරු කතාව කිවිවේ පිවිතුරු හෙළ අරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතායි. කතාවට පදනම වුණේ අපි කවුරුත් දන්න ඉන්ධන මිල ඉහළ දැමීම හා එහි වගකීම බලශක්ති ඇමැතිවරයා විසින් භාර ගත යුතු බවට පොහොට්ටුවේ මහ ලේකම්වරයා කළ කතාව. ගම්මන්පිල ඇමතිවරයා මේ කතාව කිව්වේ …

Continue Reading

ආණ්ඩුවේ යූරියා තහනම ‘වැරදි ගස‘ පොතුගසා දැමීමක් ද ?

මෑතක දී කෘත්‍රිම රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසුව ප්‍රසිද්ධ මාධ්‍යයන් හි බොහෝ විශේෂඥ කතිකා ප්‍රචාරය වූයේය. කනගාටුවට හේතුවන උත්ප්‍රාසාත්මක කාරණය නම්, රසායන විද්‍යා විෂයෙන් පරිබාහිර වූ එම විශේෂඥයන් යූරියාවල රසායනික ගුණ සම්බන්ධව වැරදි සහගත ප්‍රකාශ කිරීමයි. පොහොරවල විස ගතිය හෝ වෙනත් කාරණයක් කෘෂිකර්ම විද්‍යාත්මක ගැටලුවක් බවට පත්වන්නේ එය වගා බිම්වලට හානිකර වුවහොත් පමණකි. ඊට පෙරාතුව නිර්මාණය කිරීම, නිෂ්පාදනය ස්ථාවරතාවය, …

Continue Reading

‘නිරෝධාන නීති අවභාවිතය’:- GMOA – පොලිස් ඇමැති සහ ගුරු සංගම් නායකයින් කියන කතා

ජනතාව බියවද්දමින් නිරෝධායන පනත අවභාවිත නොකරන්න – GMOA ජනතාව බියවද්දමින් නිරෝධායන පනත අවභාවිත නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් පාලනයට ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් සිය සංගමය දැඩි අප්‍රසාදය පළ කරන බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පනතේ …

Continue Reading

රට සම්පූර්ණයෙන් විවෘත නොකළහොත් වෙන දේ ‘මුදල් ඇමැති බැසිල් හෙළි කරයි‘

කොවිඩ් එන්නත් කිරීමේ ක්‍රියාමාර්ගය කල්තියා අවසන් කර රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමේ අවශ්‍යතාව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අවධාරණය කර ඇති බව වාර්තා වේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතා මෙම කාර්ය සාධක බලකායට සම්බන්ධ අමාත්‍යවරුන් සමඟ පසුගිය දා පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇති …

Continue Reading