රට සම්පූර්ණයෙන් විවෘත නොකළහොත් වෙන දේ ‘මුදල් ඇමැති බැසිල් හෙළි කරයි‘

Spread the love

කොවිඩ් එන්නත් කිරීමේ ක්‍රියාමාර්ගය කල්තියා අවසන් කර රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමේ අවශ්‍යතාව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතා මෙම කාර්ය සාධක බලකායට සම්බන්ධ අමාත්‍යවරුන් සමඟ පසුගිය දා පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇති බව වාර්තා වේ.

රටේ නිෂ්පාදන පදනම පුනර්ජීවනය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර ඇති අතර එසේ නොවුවහොත් ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා රජය මුදල් හිඟ වනු ඇති බව ද පෙන්වා දී තිබේ.

ආර්ථික කටයුතු තවදුරටත් සීමා කිරීම වර්තමාන ආර්ථික අර්බුදය උග්‍ර කරන අතර විරැකියාව හා දරිද්‍රතා මට්ටම ද උග්‍ර කරනු ඇතැයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

සැප්තැම්බර් මාසය වන විට රටේ කටයුතු සම්පූර්ණයෙන් සාමාන්‍යකරණය කිරීමට රජය සැලසුම් කරමින් සිටින අතර රට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කිරීමෙන් පසු සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට ද සැලසුම් කරමින් සිටී. මේ සඳහා මූලික පියවරක් ලෙස ආගන්තුක සත්කාර කර්මාන්තයේ නියුතු අයට එන්නත ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ. 

Related Posts